FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

අවුරුදු 76 ප්‍රශ්ණ මාස 22න් විසදන්න අපට බෑ.. තව කාලය ඔ්නෑ..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

බදුල්ල දිස්ත්‍රික් සම්මේලනය අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. වර්‍තමානයේ ශ්‍රී ලංකාව පාලනය වන්නේ මෙරට ඉතිහාසයේ කුඩාම කැබිනට් මණ්ඩලය මගින් බවත්, ජනාධිපතිවරයා ද ඇතුළුව එහි සිටින්නේ සාමාජිකයන් 23 දෙනෙකු පමණක් බවත් ඔහු පෙන්වා දුන්නේය. "වැරදිලාවත් අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති නොවුණා නම්, අද වන විට ඇමති මණ්ඩලයේ කී දෙනෙක් ඉඳියිද?" යනුවෙන් ඔහු මෙහිදී ප්‍රශ්න කර සිටියේය. ජනතාවට සහන සහ ප්‍රතිලාභ ලැබෙන විට ඔවුන් ඒ පිළිබඳව සතුටු වන නමුත්, තවත් පිරිසක් ඒ පිළිබඳව වෛරයෙන් පසුවන බව අමාත්‍යවරයා සඳහන් කළේය. විශේෂයෙන්ම මෙරට පාලනය කළ අසාර්‍ථක පාලකයන් සහ අපරාධකරුවන් වර්‍තමාන දේශපාලන වෙනස හමුවේ දැඩි ලෙස කලබලයට පත්ව ඇති බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය. දශක හතකට අධික කාලයක් තිස්සේ නිර්‍මාණය වූ අර්‍බුද විසඳීමට කාලය අවශ්‍ය බවත්, වත්මන් රජය ඒ සඳහා ක්‍රමානුකූලව කටයුතු කරමින් සිටින බවත් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Google AdSense

In-Article Ad