FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

වයස 40 සීමාවට එරෙහිව ත්‍රිවිල් සංගම් නඩු යයි..

FM Heart · 3 min read

Google AdSense

After Featured Image

ත්‍රීරෝද රථ රියදුරෙක් ලෙස කටයුතු කිරීමේ වයස අවුරුදු හතළිහ දක්වා ඉහළ නැංවීමට පැමිණ තිබෙන යෝජනාවට ත්‍රීරෝද රථ වෘත්තීය සමිති, දේශපාලන හා සිවිල් සංවිධානවලින් විරෝධය පැමිණ ඇත. මෙසේ එක් වෘත්තියක් සඳහා වයස් සීමාවක් පැනවීම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව පවසන දේශපානන හා ත්‍රීරෝද රථ සංගම් එවැනි යෝජනාවක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වුවහොත් අධිකරණ ක්‍රියාමාර්‍ග ගන්නා බවද සඳහන් කරයි. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්‍තමේන්තුවේ ලියාපදිංචිවී ඇති සියලුම ත්‍රීරෝද රථ, කුලී ත්‍රීරෝද රථ නොවන බව සිහිපත් කරන ත්‍රීරෝද රථ වෘත්තීය සමිති, වයස් සීමාව සම්බන්ධයෙන් ගෙන එනු ලබන යෝජනාවන්ට සිය පූර්‍ණ විරෝධය දක්වන බවද පවසයි. මේ අතර සමස්ත ලංකා ත්‍රීරෝද රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්‍මසේකර සඳහන් කරන්නේ වයස් සීමාව සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ඇමැතිවරයාගේ ප්‍රකාශය නිය පිටින් මෙපිටට නොගන්නා බවය. එම ඇමැතිවරයා ආණ්ඩුව බලයට ගෙන ඒමට කැපවී කටයුතු කළ නමුත් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව ඔහු කරන ප්‍රකාශ ආණ්ඩුව අපහසුතාවයට පත් කරන ප්‍රකාශ බවද සිහිපත් කළේය. ප්‍රභාත් විතාන Proposed Age Limit for Three-Wheeler Drivers Sparks Outrage Among Unions and Political Groups A proposal to raise the age limit for operating three-wheelers to 45 years has met with fierce opposition from three-wheeler trade unions, political factions, and civil organizations. They argue that imposing such a restriction constitutes a violation of fundamental human rights. The trade unions for three-wheeler operators have indicated that should the government pursue the implementation of this proposal, they are prepared to initiate legal action against it. Their stance is clear: the age limit would unfairly restrict access to a livelihood for many individuals involved in the industry. Highlighting that all registered three-wheelers under the Motor Vehicle Transport Commissioner’s Department are not merely leased vehicles, the unions have expressed vehement rejection of any proposals pertaining to age limitations. Meanwhile, Lalith Dharmasekara, the president of the All-Ceylon Three-Wheeler Owners' Association, remarked on statements made by a government minister regarding the age restriction. He emphasized that the comments should not be taken lightly, pointing out that while the minister was previously committed to bringing the government to power, his current remarks are detrimental to the government’s position. These developments highlight the ongoing tension between government policy proposals and the livelihoods of those in the three-wheeler sector, as stakeholders continue to seek a resolution that respects individual rights while addressing regulatory concerns. Prabath Withana *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Google AdSense

In-Article Ad