FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

උද්ධමනය 8% මට්ටමේ.. ආහාර උද්ධමනය 8.7% දක්වා ඉහළට...

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

සමස්ත උද්ධමනය නොවෙනස්ව පැවතුණද, ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2026 අගෝස්තු මාසයේ වාර්‍තා වූ සියයට 8.5 සිට සැප්තැම්බර් මාසයේදී සියයට 8.7 දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් ඇත. කෙසේ වෙතත්, ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය අගෝස්තු මාසයේ පැවති සියයට 7.7 ක අගයේම ස්ථාවරව පැවති බව එම දෙපාර්‍තමේන්තුව පෙන්වා දෙයි. ආපනශාලා සහ හෝටල් අංශයේ උද්ධමනය සියයට 11.5 ක් දක්වාද, නිවාස, ජලය, විදුලිය සහ ගෑස් අංශයේ උද්ධමනය සියයට 5.5 ක් දක්වාද, සෞඛ්‍ය අංශයේ උද්ධමනය සියයට 4.0 ක් දක්වාද සුළු වශයෙන් ඉහළ ගොස් ඇති අතර, ප්‍රවාහන (16.3%) සහ අධ්‍යාපන (6.2%) යන අංශවල උද්ධමනය පෙර මාසයට සාපේක්ෂව මඳක් පහත වැටී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්‍තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Google AdSense

In-Article Ad