FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

බීමත් අයෙක් සභාපතිට සති පොල මැද කුණුහරුපෙන් බනී..

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

රන්න සතිපොළ භූමියේ නිරීක්ෂණ චාරිකාවක නිරතව සිටි තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට බීමතින් සිටි පුද්ගලයකු ප්‍රසිද්ධියේ පරුෂ වචනයෙන් බැණ තර්‍ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හුංගම පොලිසිය පුළුල් විමර්‍ශනයක් ආරම්භ කර තිබේ. තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ෆ්‍රැන්සිස්කු බදුගේ සනත් සඳරුවන් මහතා රන්න සතිපොළ භූමිය පරීක්ෂා කිරීම සඳහා ගොස් ඇති අතර, එම අවස්ථාවේදී පොළ භූමියේ බැම්මක වාඩි වී සිටි පුද්ගලයකු බියර් කෑනයක් අතැතිව එය පානය කරමින් සිටිනු දැක ඇත. පොදු ස්ථානයක් වන පොළ භූමිය තුළ එවැනි ක්‍රියාවන් සිදුකිරීම නුසුදුසු බවට සභාපතිවරයා එහිදී අදාළ පුද්ගලයාට අවවාද කර තිබේ. කෙසේ වෙතත්, එම අවවාදයෙන් දැඩි ලෙස උරණ වූ එම පුද්ගලයා සභාපතිවරයාගේ කරුණු දැක්වීම ප්‍රතික්ෂේප කරමින් ඔහුට ඉතා පහත් අන්දමින් පරුෂ වචනයෙන් බැණවැදී පොළ භූමියෙන් පිටව ගොස් ඇත. සිද්ධිය වන අවස්ථාවේදී අදාළ පුද්ගලයා දැඩි ලෙස බීමතින් පසුව ඇති බවත්, ඔහු තංගල්ල, නෙටොල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් පොලිස් මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. තමන්ට සිදුවූ මෙම තර්‍ජනය හා අපහාසය සම්බන්ධයෙන් සභාපතිවරයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා හුංගම පොලිසිය වැඩිදුර විමර්‍ශන පවත්වාගෙන යනු ලබයි. Threatening Incident Involving Local Council Chairman Under Police Investigation The Hunugama Police have launched an extensive investigation into a disturbing incident where the Chairman of the Tangalle Pradeshiya Sabha was threatened with vulgar language by an intoxicated individual during a field inspection at the Ranna playground. Francisco Baduge Sanath Sandaruwan, the Chairman, was visiting the site to assess the condition of the area when he observed a man consuming beer in a public space. Noting the inappropriateness of such behavior in a communal setting, the Chairman cautioned the individual against his actions. Rather than heed the Chairman's warning, the man reacted aggressively, dismissing the Chairman’s remarks and using offensive language before leaving the playground in a huff. Initial police investigations reveal that the individual was heavily intoxicated during the incident and is said to reside in the Netolpitiy area of Tangalle. In light of the threats and insults directed at him, the Chairman has lodged a formal complaint, prompting the Hunugama Police to intensify their inquiries to apprehend the suspect. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Google AdSense

In-Article Ad