
ශිරන්ති විදෙස්ගත වේ.. ඈන් ලිවේරාද එක්වෙයි.. FCID කැදවීමක්ද තිබේ..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
ශිරන්ති රාජපක්ෂ මහත්මිය සමග රෝහිත රාජපක්ෂ මහතාගේ නැන්දම්මා වන ඈන් ද ලිවේරා මහත්මිය ද පිටත්ව ගොස් ඇති බව වාර්‍තා වේ. කොළඹ පුද්ගලික රෝහක ප්‍රතිකාර ලබමින් සිටි ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇය රෝහලේ සිටම ගුවන් තොටුපොළ වෙත අද අලුයම රැගෙන ගොස් ඇත්තේ සිංගප්පූරුවේදී වැඩිදුර ප්‍රතිකාර සිදු කිරීම සදහාය. ඇයට පසුගිය සතියේදී හෘද සැත්කමක් කර තිබූ අතර ඊයේ දිනයේ නැවත රෝහල්ගත කර තිබින. ඔවුන් අද අලුයම 01.10ට සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.කිව්. 469 (SQ-469) දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් මෙලෙස සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇත. විමර්‍ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ලබන 24 වනදා මූල්‍ය අපරාධ විමර්‍ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටින ලෙස ඇයට දැනුම් දී තිබියදී ඇය මෙලෙස හදිසියේ විදෙස්ගත වීම විශේෂත්වයකි.
Google AdSense
In-Article Ad

