
අර්‍චුනා කොටියෙක්දැයි විමර්‍ෂණ.. TID ප්‍රශ්ණ කරයි...
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අනුරාධපුරයේදී සංවිධානය කර තිබූ ජන රැලියකදී මෙරට තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රවර්‍ධනය වන ආකාරයෙන් අදහස් දැක්වූ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පාර්‍ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්‍චුනා මහතාට එරෙහිව ත්‍රස්ත විමර්‍ශන කොට්ඨාසය පුළුල් විමර්‍ශනයක් ආරම්භ කර තිබේ. පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සෘජු නියෝග සහ උපදෙස් මත මෙම පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය තහවුරු කරයි. අනුරාධපුරයේ පැවති අදාළ රැස්වීමේදී මන්ත්‍රී රාමනාදන් අර්‍චුනා මහතා සිදු කළ ප්‍රකාශය මගින් එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රවර්‍ධනය කිරීමට සහ ඊට ගෞරවයක් එක් කිරීමට කටයුතු කර ඇතැයි පවසමින් සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් විසින් පොලිසිය වෙත කරන ලද නිල පැමිණිල්ලකට අනුව මෙම විමර්‍ශනය ක්‍රියාත්මකය. ශ්‍රී ලංකාව තුළ එල්.ටී.ටී.ඊ. සංවිධානය නීතියෙන් තහනම් කරන ලද ත්‍රස්තවාදී සංවිධානයක් වන බැවින්, එවැනි සංවිධානයක් ප්‍රවර්‍ධනය කිරීම හෝ ඊට සහාය පළ කිරීම නීතිය හමුවේ බරපතළ වරදක් සේ සැලකේ. මේ පිළිබඳව සිදු කෙරෙන විමර්‍ශනවල එක් අදියරක් ලෙස ඉදිරි දිනවලදී පාර්‍ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්‍චුනා මහතා ත්‍රස්ත විමර්‍ශන කොට්ඨාසය හමුවට කැඳවා දීර්‍ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බව වැඩිදුරටත් වාර්‍තා වේ. Investigation Launched Against MP Ramnathan Archuna Over Alleged Support for LTTE The Terrorism Investigation Division (TID) has initiated a thorough inquiry concerning Parliamentarian Dr. Ramnathan Archuna, following allegations that he expressed support for the banned terrorist organization, the Liberation Tigers of Tamil Eelam (LTTE), during a public rally organized by the Samagi Jana Balawegaya in Anuradhapura. This investigation, confirming actions based on explicit directives from Inspector General of Police C.D. Wickramaratne, aims to address serious claims coming from civil activists, who filed a complaint stating that Archuna's remarks promoted and honored the LTTE. As the LTTE remains outlawed in Sri Lanka, any form of endorsement or support for such an organization is considered a grave offense under the law. The TID's operations are focused on maintaining national security and ensuring that such actions are dealt with lawfully. In a notable step in the investigation, it has been reported that Dr. Archuna will soon be summoned by the TID to answer detailed inquiries and to formalize his statements regarding the allegations against him. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
Google AdSense
In-Article Ad

