
ඉන්ධන මිල වැඩි කරන්නද.. සහනාධාරයක් දෙන්නද..- රජය IMF පසුපස
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
බටහිර ආසියානු කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක බලශක්ති සැපයුමට බාධා එල්ල වෙමින් පවතින අතර, ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හමුවේ මෙම සාකච්ඡා කඩිනමින් ආරම්භ කිරීමට නියමිතය. "ඉන්ධන පිරිවැය තවදුරටත් ඉහළ දැමුවහොත් එය සාමාන්‍ය ජනතාවට දැඩි බරක් වනවා පමණක් නොව, කර්‍මාන්තශාලා ආශ්‍රිත නිෂ්පාදන කටයුතු, විදුලි උත්පාදන වියදම් සහ ප්‍රවාහන ක්ෂේත්‍රය කෙරෙහි ද සෘජුව බලපානවා. එබැවින් පවතින තත්ත්වය යහපත් අතට හැරෙන තෙක් සීමිත කාලසීමාවක් සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමට අප බලාපොරොත්තු වෙනවා," යැයි අදාළ නිලධාරියා සඳහන් කර ඇත. බටහිර ආසියානු අර්‍බුදය හමුවේ බලශක්ති ක්ෂේත්‍රය මුහුණ දුන් දැඩි පීඩනය සැලකිල්ලට ගනිමින් පසුගිය අප්‍රේල් මාසයේදී ද රජය විසින් රුපියල් බිලියන 100ක සහන පැකේජයක් ප්‍රකාශයට පත් කරන ලදී. එම වැඩපිළිවෙළ යටතේ ඩීසල් ලීටරයකට රුපියල් 100ක් සහ පෙට්‍රල් ලීටරයකට රුපියල් 20ක් දක්වා වූ සහනාධාරයක් ලබාදුන් අතර, ඒ සඳහා මසකට රුපියල් බිලියන 20ක් බැගින් මාස තුනක කාලසීමාව සඳහා රුපියල් බිලියන 60ක් වැය විය. එම සහනාධාර වැඩසටහන පසුගිය ජූලි මස මැද භාගයේදී අවසන් කෙරිණි. ශ්‍රී ලංකාවට ලබා දී ඇති ඩොලර් බිලියන 2.9ක විස්තිර්‍ණ ණය පහසුකම යටතේ, සැබෑ වියදම පියවා ගැනීමේ මිල සූත්‍රයක් මත පදනම්ව ඉන්ධන මිල තීරණය කළ යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැඩි කොන්දේසියක් පනවා ඇත. කෙසේවෙතත්, යුද අර්‍බුදය තවදුරටත් උග්‍රවීම හේතුවෙන් ලෝක වෙළෙඳපොළ මිල මෙන්ම ගොඩබෑමේ පිරිවැය සහ අදාළ අනෙකුත් ගාස්තු සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව පෞද්ගලික ඉන්ධන සැපයුම්කරුවන් රජයට දැනුම් දී තිබේ. ඒ හේතුවෙන් දැනට පවතින මිල ගණන් යටතේ තවදුරටත් ඉන්ධන සැපයීමට නොහැකි බවත්, මේ වන විට ඩීසල් ලීටරයකින් රුපියල් 100කට ආසන්න පාඩුවක් ලබන බැවින් ඩීසල් මිල ඉහළ දැමීමට අවසර ලබාදෙන ලෙසත් පෞද්ගලික සමාගම් බලශක්ති අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇත. මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනකට යටත්ව සිටින කලාපීය රාජ්‍යයක් වන පාකිස්තානය ද පවතින ගෝලීය ඉන්ධන අර්‍බුදයට මුහුණ දීම සඳහා රාජ්‍ය වාහන සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව මාස තුනක කාලයක් සඳහා සියයට 50කින් කප්පාදු කිරීමටත්, රාජ්‍ය නිලධාරීන්ගේ සංචාර සහ වියදම් සීමා කිරීමටත් පසුගියදා පියවර ගෙන තිබිණි.
Google AdSense
In-Article Ad

