
මහවැලියේ මහා ගංවතුරක්...
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
මහවැලි ගඟේ ඉහළ ජලපෝෂක ප්‍රදේශවලට නොකඩවා ලැබෙන ධාරානිපාත වර්‍ෂාවත් සමඟ ජල මට්ටම් සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බැවින්, මීට පෙර පැවති අනතුරු ඇඟවීමේ මට්ටම මෙලෙස 'රතු' මට්ටම දක්වා ඉහළ දැමීමට පියවර ගෙන ඇත. මේ හේතුවෙන් පස්බාගේ කෝරලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහවැලි ගඟ අවට පහත්බිම්වල ජීවත්වන ජනතාව මෙන්ම ගඟට ආසන්නව පදිංචි පිරිස් සිය ජීවිත සහ දේපළ ආරක්ෂා කර ගැනීම සඳහා කඩිනමින් පෙර සූදානම් විය යුතු බවත්, අවශ්‍ය වුවහොත් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වීමට පියවර ගන්නා ලෙසත් වාරිමාර්‍ග අධ්‍යක්ෂ (ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ) ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා අවධාරණය කරයි. එමෙන්ම, අදාළ ප්‍රදේශ හරහා වැටී ඇති මාර්‍ග භාවිත කරන රියදුරන් දැඩි විමසිල්ලෙන් සහ සැලකිල්ලෙන් කටයුතු කළ යුතු අතර, පවතින දැඩි අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන වහාම අවශ්‍ය සහන හා ආරක්ෂක ක්‍රියාමාර්‍ග සම්පාදනය කරන ලෙස ප්‍රදේශයේ සියලුම ආපදා කළමනාකරණ අංශ වෙතින් ඉල්ලා ඇත.
Google AdSense
In-Article Ad

