FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

අස්වැසුමේ මුදල් ලොකු වංචාවක...

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම අංශයේ නිළධාරින් දෙදෙනෙකු මුදල් වංචාවක් සම්බන්ධයෙන් හැටන් පොලිස් කොට්ඨාශයේ විශේෂ විමර්ෂණ ඒකකයේ නිළධාරින් විසින් (31) දින පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත . එම අංශයේ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගිනුමට මුදල් බැර නොකර එම නිළධාරින්ගේ ඥාතීන්ගේ සහ හිතවතුන්ගේ ගිණුම්වලට මුදල් බැර කර ඇති බවට නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විගණන අංශය විසින් කල විමර්ෂණයකින් පසු නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් සමීර ගම්ලත් විසින් හැටන් කොට්ඨාශ විශේෂ විමර්ෂණ ඒකකය වෙත කරන ලද පැමිණිල්ලක් මත එම නිළධාරින් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත . 2025 වසරේ සිට මෙම මුදල් වංචාව සිදු කර ඇති බවත් , මෙම වංචා කල මුදල මීට වඩා වැඩි වන්නට ඇති බවත් , ඒ සදහා එම කාර්යාලයේ තවත් නිළධාරින්ගේ සහයෝගය ලැබී ඇත්දැයි යන්න පිලිබදව හැටන් පොලිසියේ විශේෂ විමර්ෂණ ඒකකය මගින් විමර්ෂණය කරනු ලබයි . අස්වැසුම ප්‍රතිලාභීන්ගෙන් තම අස්වැසුමට අදාළ මුදල් බැංකු ගිණුමට නොලද බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය වෙත ලිඛිතව දැනුම් දිමෙන් පසු ඒ පිලිබදව සිදු කරන ලද මූලික විමර්ෂණයේදි මෙම මුදල් වංචාව අනාවරණය වි ඇත . Two Officers Arrested in Money Fraud Linked to Norwegian Local Government Office In an investigation led by the Special Investigations Unit of the Hatton Police, two officials from the Norwegian Local Government Office's subsidy division were apprehended on the afternoon of the 31st, suspected of embezzlement. The two were allegedly involved in a scheme where funds allocated for subsidies to beneficiaries were instead channeled into the accounts of their relatives and acquaintances, circumventing the intended recipients. This fraudulent activity came to light following a probe conducted by the accounting section of the Norwegian Local Government Office, which raised concerns leading to a formal complaint lodged by Samira Gamalath, the local government officer. According to preliminary findings, the fraud may date back to 2025, with the amount involved likely exceeding initial estimates. Investigators are now probing whether other officials within the office may have colluded in this scheme. Officials alerted Tushari Thennakoon, the District Secretary of Nuwer Eliya, after beneficiaries reported not receiving their subsidy payments. This early inquiry revealed the extent of the financial malpractice, prompting further investigation. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Google AdSense

In-Article Ad