FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ඇමරිකා-ශ‍්‍රී ලංකා හොදම සබදතා මේ කාලයේදීයි..

FM Heart · 3 min read

Google AdSense

After Featured Image

තම සේවා කාලය තුළ ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකා ව අතර රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ශක්තිමත් බැඳීමක් නිර්මාණය වූ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ආර්ථික සංවර්ධනය ට අදාල බොහෝ දේ ළඟා කර ගැනීමට හැකි වූ බව එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මේරිලන්ඩ් ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානය ට පැමිණ ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන අධිකරණ සංඝනායක අතිපූජ්‍ය කටුගස්තොට උපරතන නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත් අවස්ථාවේ දී ය. එහිදී අදහස් දැක්වූ මහින්ද සමරසිංහ මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා වේ ප්‍රතිරූපය සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ මතය අතිශය සතුටු දායක තැනක පවතින බවයි. ශ්‍රී ලංකා වේ ආර්ථික සංවර්ධනය ට අදාල ක්ෂේත්‍ර ගණනාවක් සඳහා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට සහය ලබා දී තිබෙන බවත්, මෙම සහයෝගිතා ව ඉදිරියට ත් ශක්තිමත් ව පවත්වා ගෙන යා යුතු බවද හෙතෙම පැවැසීය. මෙහිදී කටුගස්තොට උපරතන නායක හිමිපාණන් වහන්සේ කියා සිටියේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට පවතින සීමාවන් අභිබවා යමින් ශ්‍රී ලංකා ව වෙනුවෙන් මහින්ද සමරසිංහ මහතා සිදු කළ මෙහෙවර අති විශාල බවයි. ශ්‍රී ලංකා ව සහ ඇමරිකාව අතර අන් කවරදාටත් වඩා සුබවාදී පාලමක් නිර්මාණය වී ඇතිබවත් එහි නියමුව මහින්ද සමරසිංහ මහතා බවත් උපරතන හිමිපාණෝ වැඩිදුරටත් අවධාරණය කළහ. - සිසිර විජේසිංහ Strengthening US-Sri Lanka Ties: An Insight from the Sri Lankan Ambassador The diplomatic relationship between the United States and Sri Lanka has flourished during the tenure of Sri Lankan Ambassador Mahinda Samarasinghe, who emphasized the significance of their partnership in fostering economic development. He suggested that this strengthened connection has enabled numerous opportunities for Sri Lanka to enhance its economic landscape. This remark came during a visit to the Maryland International Buddhist Temple, where he had the privilege of receiving blessings from the venerable Chief Sangha Nayaka of the United States, Most Venerable Katugastota Uparatana Thero. Samarasinghe highlighted the positive perception of Sri Lanka in the United States, noting that there is a notable level of satisfaction regarding the country’s image. He elaborated on the various sectors in which the US has extended its support to Sri Lanka’s economic growth and stressed the importance of maintaining and strengthening this collaboration in the future. Commenting on Samarasinghe’s contributions, Uparatana Thero described his efforts as extraordinary, transcending typical diplomatic boundaries and significantly benefiting Sri Lanka. He further reinforced that the relationship between Sri Lanka and the United States has developed into a brighter partnership, attributing much of this progress to the dedicated efforts of Ambassador Samarasinghe. - Sisira Wijesinghe *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Google AdSense

In-Article Ad