FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

විනිසුරු වයස ගැන මතයක් නොකියා උපුල් කුමරප්පෙරුම නිහඬයි..

FM Heart · 3 min read

Google AdSense

After Featured Image

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබඳව ජාතික ජන බලවේගයේ ප්‍රමුඛ පෙළේ නීතිඥයකු වන ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා පවත්වාගෙන යන නිහඬතාව සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන සහ නීති ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ . සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පළවන විවිධ වාර්තාවලට අනුව , මෙම වයස් සීමාව සංශෝධනය කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් කුමාරප්පෙරුම මහතා සිය එකඟතාවක් නොමැති බව සිය සමීපතම මිතුරන් සහ වෘත්තීය සගයන් සමඟ පවසා ඇතැයි කියැවේ . පසුගිය ජනාධිපතිවරණ සමයේදී ‘ජාතික ජන බලවේගයේ නීතිඥයෝ” සංවිධානය තුළ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ ඔහු , මෙවැනි තීරණාත්මක නීතිමය සංශෝධනයක් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කිරීමෙන් වැළකී සිටීම විශේෂත්වයකි . පසුගිය මහ මැතිවරණයේදී මාතර දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගය නියෝජනය කරමින් තරඟ වැදුණු උපුල් කුමාරප්පෙරුම මහතාට පාර්ලිමේන්තුවට තේරී පත්වීම සඳහා ප්‍රමාණවත් මනාප සංඛ්‍යාවක් ලබා ගැනීමට නොහැකි විය . ඔහු මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අතුරු කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කරමින් සිටියි . රජයේ මෙම සංශෝධනය සම්බන්ධයෙන් විවිධ මත ගැටුම් පවතින පසුබිමක , පක්ෂයේ ප්‍රධානතම නීතිඥවරයකු මෙලෙස නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම බොහෝ දෙනාගේ අවධානයට ලක්ව ඇත . Controversy Erupts Over Government Proposal to Extend Retirement Age of Judges The proposal by the government to lengthen the retirement age for judges has sparked intense debate within political and legal circles, particularly following the silence of prominent legal figure and President’s Counsel Upul Kumarapperuma, who is closely associated with the National People's Power. Recent reports circulating on social media suggest that Kumarapperuma has expressed disagreement with the proposed amendment to the retirement age. It is claimed that he conveyed his reservations only to his close friends and professional colleagues. Notably, Kumarapperuma, who played a pivotal role in the legal representation for the National People's Power during the last presidential election, has remained notably reticent on such a significant legal reform, raising eyebrows among observers. In the last general election, he contested from the Matara District representing the National People’s Power but failed to secure enough votes to gain a seat in Parliament. Currently, Kumarapperuma serves as a member of the interim committee of Sri Lanka Cricket. Amid a backdrop of differing opinions regarding the government’s proposed amendment, the silence of such a key legal advisor has attracted considerable attention. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Google AdSense

In-Article Ad