
මහර බන්ධනාගාරය කුඩුපට්ටම් වෙයි.. සිදුව ඇති හානිය මෙන්න..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ, රැඳවියන් විසින් සිදු කළ කලහකාරී ක්‍රියා හේතුවෙන් බන්ධනාගාරයේ මුළුතැන්ගෙය, අලුතින් ඉදිකරන ලද පුනරුත්ථාපන ගොඩනැගිල්ල, පුනරුත්ථාපන කාර්යාලය සහ ප්‍රධාන ජේලර්වරයාගේ කාර්යාලය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි. මීට අමතරව බන්ධනාගාර රෝහලට ද දැඩි හානි සිදුව තිබේ. රැඳවියන් පුනරුත්ථාපනය කිරීම සඳහා භාවිත කළ මැහුම් අංශය, වඩු වැඩ අංශය සහ පේෂකර්ම අංශය යන සියලුම ස්ථානවල තිබූ උපකරණ සහ භාණ්ඩ ද ගිනි තබා විනාශ කර ඇති බව වාර්තා වේ. බන්ධනාගාරයේ අලුතින් ඉදිකිරීමට යෝජිත කාර්යාල පරිශ්‍රයේ තහඩු වැටවල් කඩා දමමින් රැඳවියන් පලා යාමට උත්සාහ කර ඇති අතර, ප්‍රධාන දොරටුවට ද ප්‍රහාර එල්ල කර තිබේ. මෙම ගැටුමෙන් එක් රැඳවියෙකු මියගොස් ඇති අතර තවත් හත් දෙනෙකු රෝහල්ගත කර ඇත. කෙසේ වෙතත්, බන්ධනාගාර නිලධාරීන්ට කිසිදු තුවාලයක් සිදුව ඇති බවට මෙතෙක් වාර්තා වී නොමැති බව ද ගජනායක මහතා පැවසීය. පොලිසිය, විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාවේ සහාය ඇතිව මේ වන විට බන්ධනාගාරයේ තත්ත්වය සාමකාමී මට්ටමකට පත් කර තිබේ. මෙම නොසන්සුන්තාවයට හේතුව සහ ඊට වගකිවයුත්තන් පිළිබඳව මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, රැඳවියන් සතුව කිසිදු ගිනි අවියක් නොතිබූ බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් තහවුරු කළේය.
Google AdSense
In-Article Ad

