
දේශපාලඥයන්ට වයස් සීමාවක් පනවන්න යයි...
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
දේශපාලනඥයන්ට සක්‍රීය දේශපාලනයේ නිරත විය හැකි කාලසීමාව සහ වයස් පරාසය සීමා කිරීම අරමුණු කරගත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම පිළිබඳව රජය අභ්‍යන්තරයේ සාකච්ඡාවක් ආරම්භ වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. යෝජිත මෙම නව සංශෝධනයට අනුව ජනාධිපතිවරයා, අගමැතිවරයා මෙන්ම කැබිනට් අමාත්‍යවරුන් හට එම ධුර දැරිය හැකි උපරිම වාර ගණන සහ ඒ සඳහා බලපැවැත්වෙන උපරිම වයස් සීමාවන් ව්‍යවස්ථාපිතව තීරණය කිරීමට අවධානය යොමුව ඇත. මීට අමතරව, පාර්ලිමේන්තුව ඇතුළු පළාත් සභා සහ පළාත් පාලන ආයතන වැනි මහජන නියෝජිත ආයතන සඳහා තේරී පත්වීමේදී ඉදිරිපත් විය හැකි වයස් සීමාවන් සහ වාර ගණන ද නීතියක් ලෙස ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට රජය සූදානම් වන බව වාර්තා වේ. දේශපාලන පද්ධතිය තුළ තරුණ නියෝජනය සඳහා වැඩි අවස්ථාවක් නිර්මාණය කිරීම සහ දේශපාලන ක්ෂේත්‍රයේ නවීකරණයක් ඇති කිරීම මෙම පියවරෙහි ප්‍රධාන අරමුණ බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි. Government Initiates Discussions on Constitutional Amendments to Limit Political Tenure and Age Internal discussions within the government have begun regarding a new constitutional amendment aimed at defining the timeframe and age limits for active political participation, according to political sources. The proposed amendment focuses on establishing constitutional limits on the maximum number of terms and age for the President, Prime Minister, and Cabinet Ministers, drawing attention to the need for regulation in these high-profile roles. Additionally, reports indicate that the government intends to introduce legal stipulations concerning age limits and term counts for public representatives, including members of Parliament, provincial councils, and local government bodies. This initiative is primarily aimed at enhancing opportunities for youth representation within the political system and fostering innovation in the governance landscape, as emphasized by the sources. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
Google AdSense
In-Article Ad

