
මහර සම්පූර්ණයෙන් යථා තත්ත්වයට – බන්ධනාගාරය පිටත ආරක්ෂා තර කෙරේ
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
මහර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාවය මේ වනවිට සම්පූර්ණයෙන් පාලනය කර ඇති බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා නෙත් නිව්ස් කල විමසීමකදී පැවසුවේ සියලු රැඳවියන් මේ වනවිට වාට්ටු තුළ රදවා ඇති බවයි. කෙසේවෙතත් බන්ධනාගාරයේ ආරක්ෂාව තවදුරටත් දැඩි කර තිබෙනවා. ඒ අනුව බන්ධනාගාරය පිටත ආරක්ෂාව සදහා පොලිස්, එෆ් ටී එෆ්, යුද හමුදා නිලධාරීන් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ. ඊයේ පස්වරු 4 ට පමණ හටගත් එම නොසන්සුන්තාව හේතුවෙන් එක් රැඳවියෙකු මියගොස් තවත් රැඳවියන් පිරිසක් තුවාල ලබා රොහල් ගත කෙරුණා. සිද්ධිය පාලනය කිරීම සදහා ආරක්ෂක අංශ නිලධාරීන් ඊයේ පස්වරුවේ බන්ධනාගාරය පිටත ආරක්ෂාවට යොදවා තිබුණා. කෙසේවෙතත් අද පෙරවරුවේ පොලිස්, STF හා යුද හමුදා නිලධාරීන් සිද්ධිය පාලනය කිරීම සදහා බන්ධනාගාර පරිශ්‍රයට කැදවා තිබුණා. ඊට සිය නිලධාරීන් 300 ක් එක වූ බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ. ඒ අනුව මිනිත්තු 15 ක් තුල රැඳවියන් වාට්ටු තුලට දමා ආරක්ෂාව තහවුරු කර මහර බන්ධනාගාරය එහි නිනිලධාරීන්ට භාර දුන් බවද පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවා. .
Google AdSense
In-Article Ad

