
අලුත් පනත නිසා අලි ඇතුන් පෙරහැරේ ගෙනියන්න බැරිවෙයි..- මහ නාහිමි
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
යෝජිත සත්ත්ව සුබසාධන පනත මගින් මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර ඇතුළු මෙරට පෙරහැර මංගල්‍යයන්ට බාධා එල්ල විය හැකි බව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල සිද්ධාර්ථ මහානායක හිමියෝ අනතුරු අඟවති. උන්වහන්සේ පෙන්වා දෙන්නේ ප්‍රමාණවත් ආරක්ෂිත ක්‍රමවේදයන් නොමැතිව අලි ඇතුන් පෙරහැරේ ගමන් කරවීම අවදානම් සහගත කටයුත්තක් බවයි. මධ්‍යම පළාත් ආණ්ඩුකාර වෛද්‍ය සුරංග ප්‍රනාන්දු මහතා මල්වතු සහ අස්ගිරි මහා විහාරීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේදී මල්වතු මහානායක හිමියන් මේ බව සඳහන් කළහ. මෙම නව නීති සම්මත වුවහොත් පෙරහැර සඳහා අලි ඇතුන් යොදාගැනීමට බාධා එල්ල වීමේ ප්‍රවණතාවක් පවතින බවට සමාජය තුළ මතයක් ගොඩනැගෙමින් පවතින බව උන්වහන්සේ මෙහිදී පෙන්වා දුන්හ. යෝජිත පනත මගින් පෙරහැර චාරිත්‍රවලට බාධාවක් සිදු නොවන්නේ නම්, ඒ පිළිබඳව ජනතාව දැනුවත් කර පවතින සැක සංකා දුරු කිරීම විෂය භාර අමාත්‍යවරුන්ගේ වගකීමක් බව මහානායක හිමියෝ අවධාරණය කළහ. විශේෂයෙන් පෙරහැරේ ගමන් කරන අලි ඇතුන් දම්වැල් රහිතව රැගෙන යා යුතු බවට වන යෝජනා පිළිබඳව රජය නිහඬව නොසිට වහාම පැහැදිලි කිරීමක් කළ යුතු බව උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ. මෙහිදී අදහස් දැක්වූ මහනුවර නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක මහතා කියා සිටියේ, විපක්ෂයේ ඇතැම් පිරිස් ජනතාව නොමඟ යැවීම සඳහා මෙම පනත සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර පතුරුවමින් සිටින බවයි.
Google AdSense
In-Article Ad

