
වුවමනා වූ පමණින් පළාත් සභා ඡන්දය තියන්න බෑ...- නලින්ද
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
හිරු පුවත් සේවය සමඟ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, වත්මන් රජයේ අමාත්‍යවරුන් ඉතිහාසයේ ප්‍රථම වතාවට සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර ජනතාවට විවෘත කර ඇති බවයි. එමෙන්ම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය නීතිමය සංශෝධන සිදු කිරීමට ද රජය බලාපොරොත්තු වන බව ඔහු පැවසීය. පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් පවතින ප්‍රායෝගික ගැටලු පිළිබඳව පැහැදිලි කළ අමාත්‍යවරයා, මැතිවරණය පැවැත්වීමට නම් අදාළ නීති රීති නිසි පරිදි සම්මත විය යුතු අතර සීමා නිර්ණය කටයුතු ද අවසන් විය යුතු බව අවධාරණය කළේය. එම නීතිමය රාමුව සකස් වූ වහාම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය සූදානම් බව ද අමාත්‍යවරයා මෙහිදී සහතික විය.
Google AdSense
In-Article Ad

