
විරෝධතා තඹේකට නොතැකේ.. විනිසුරු විශ්‍රාම වයස ඇතුළත් 22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා වූ "විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය" පනත් කෙටුම්පත අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි 2026 අගෝස්තු මස 07 වන දිනැතිව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. මෙම නව සංශෝධනය මගින් මෙරට අධිකරණ පද්ධතියේ සහ විනිසුරුවරුන්ගේ සේවා කාලය සම්බන්ධයෙන් තීරණාත්මක වෙනස්කම් කිහිපයක් යෝජනා කර තිබේ. යෝජිත පනත් කෙටුම්පතේ 107 වන ව්‍යවස්ථාවට අනුව, ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගත යුතු වයස අවුරුදු 67 දක්වා ඉහළ දමා ඇත. එමෙන්ම අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65ක් ලෙස නියම කර තිබේ. අග්‍රවිනිශ්චයකාරවරයාගේ විශ්‍රාම ගැන්වීම සම්බන්ධයෙන් විශේෂ විධිවිධානයක් මෙහි ඇතුළත් වේ. ඒ අනුව, අග්‍රවිනිශ්චයකාරවරයා වයස අවුරුදු 67 සම්පූර්ණ වන දිනය හෝ අග්‍රවිනිශ්චයකාර ධුරයට පත් වූ දින සිට වසර හයක (06) කාලසීමාවක් සම්පූර්ණ වන දිනය යන දින දෙකෙන් කලින් එළඹෙන දිනයේදී විශ්‍රාම ගත යුතු වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 137 වන ව්‍යවස්ථාව සංශෝධනය කරමින්, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු මඩුල්ලේ සංඛ්‍යාව ද ඉහළ නැංවීමට යෝජනා කර ඇත. ඒ අනුව, දැනට පවතින "දහනව දෙනෙකුට (19) නොවැඩි" යන සීමාව "විසිහතර දෙනෙකුට (24) නොවැඩි" සංඛ්‍යාවක් දක්වා සංශෝධනය කිරීමට නියමිතය. මෙම පනත් කෙටුම්පතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් පවතින්නේ නම්, සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු බව ද මෙහි සඳහන් වේ. මෙම සංශෝධනයන් හරහා මෙරට ඉහළ අධිකරණවල පවතින නඩු ප්‍රමාණය කඩිනමින් විභාග කර අවසන් කිරීමට සහ අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.
Google AdSense
In-Article Ad

