
IMF නිර්දේශ මත EPF/ETF මහ බැංකුවෙන් ඉවතට..
FM Heart · 4 min read
Google AdSense
After Featured Image
සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවක භාරකාර අරමුදල (ETF) මහ බැංකුවේ සෘජු කළමනාකරණයෙන් ඉවත් කර, වෙනත් යාන්ත්‍රණයකට යටත් කිරීමට රජය දරන උත්සාහයට වෘත්තීය සමිති ව්‍යාපාරය සිය දැඩි විරෝධය පළ කර සිටියි. ලංකා වතු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් චතුර සමරසිංහ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේය. දශක හයකට වැඩි කාලයක් මහ බැංකුවේ සුරක්ෂිතතාවය සහ රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවති මෙම අරමුදල්, ත්‍රිපාර්ශ්වීය යාන්ත්‍රණයකට යටත් කිරීමේ හැකියාව සොයා බැලීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් අනුකමිටුවක් පත් කර ඇති බවත්, එමගින් සේවකයන්ගේ විශ්‍රාමික ඉතුරුම්වල සුරක්ෂිතතාවය බරපතල අවදානමකට ලක්වන බවත් ඔහු පෙන්වා දුන්නේය. "මහ බැංකුවෙන් මෙම අරමුදල් ගලවා ගැනීම යනු සේවකයාට ඇති එකම සුරක්ෂිතතාවය අහිමි කිරීමක්. වසර 30ක් 40ක් තමන්ගේ ජීවිතයේ හොඳම කාලය කැප කර සේවකයන් උපයාගත් මෙම මුදල්, ආයෝජකයන්ගේ හෝ වෙනත් පාර්ශවයන්ගේ අවශ්‍යතා මත හසුරුවන යාන්ත්‍රණයකට යටත් කිරීමට අප කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ," යැයි සමරසිංහ මහතා අවධාරණය කළේය. මෙම පියවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නිර්දේශ මත පදනම් වූවක් බවත්, 2023 සහ 2024 වසරවල නිකුත් වූ වාර්තාවල මේ පිළිබඳව සඳහන් කර ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. පසුගිය රජයන් ද මෙම අරමුදල් කොල්ලකෑමට විවිධ උත්සාහයන් ගත් බවත්, වත්මන් රජය ද එම අසාර්ථක ක්‍රියාවලියම ඉදිරියට ගෙන යාමට උත්සාහ කිරීම කණගාටුදායක බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. වත්මන් රජයට මෙවැනි තීරණ ගැනීමට ජනවරමක් නොමැති බව පවසන චතුර සමරසිංහ මහතා, සේවකයන්ගේ කැමැත්තෙන් තොරව අරමුදල්වල සුරක්ෂිතතාවයට හානි වන ඕනෑම පියවරකට එරෙහිව දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බවට ද රජයට අනතුරු ඇඟවීය. රජය වහාම මෙම තීරණය පිළිබඳව නැවත සලකා බලා, සේවක අයිතීන් සුරක්ෂිත කිරීමට පියවර ගත යුතු බව ඔහු අවසාන වශයෙන් ඉල්ලා සිටියේය. Trade Unions Oppose Government Plans to Shift EPF and ETF Management Trade unions have expressed strong opposition to the government's attempts to transfer the management of the Employees' Provident Fund (EPF) and the Employees' Trust Fund (ETF) from the Central Bank to a different mechanism. This initiative has raised serious concerns among workers regarding the security of their retirement savings. Chathura Samarasinghe, the General Secretary of the Lanka Estate Workers' Union, voiced these concerns in a statement to the media. He highlighted that these funds, which have been safeguarded under the Central Bank for over six decades with state support, are now at risk due to the government's establishment of a committee to explore their transition to a tri-partite structure. Samarasinghe warned that any move to remove these funds from the Central Bank would effectively strip workers of what he described as their only financial security. “The money earned by workers over 30 to 40 years of their lives should not be subjected to mechanisms that serve the interests of investors or other parties,” he emphasized. He pointed out that this step appears to be based on recommendations from the International Monetary Fund (IMF), mentioned in reports issued for 2023 and 2024. Samarasinghe lamented that previous governments also attempted to misappropriate these funds, and he finds it regrettable that the current administration continues this unsuccessful trend. Samarasinghe asserted that the current government lacks a mandate from the people to make such decisions. He warned that any actions taken to jeopardize the security of these funds without the consent of the workers will provoke strong responses from the unions. In conclusion, he urged the government to reconsider its decision and take necessary steps to safeguard the rights of workers regarding their retirement funds. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
Google AdSense
In-Article Ad

