
ඉන්දියාවට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ: නිරෝෂන් දික්වැල්ල වසර 3කට පසු නැවතත් කණ්ඩායමට
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
August 12 (Citizen News) - සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය අද (12) ප්‍රකාශයට පත් කර තිබේ. ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයේ උපනායක ලෙස කමිඳු මෙන්ඩිස් නම් කර ඇත. ආබාධ තත්ත්වයක් හේතුවෙන් කුසල් මෙන්ඩිස් මෙම සංචිතයට ඇතුළත් කර නොමැති අතර, ඒ හේතුවෙන් පළමු තරගයේ උපනායකත්වය කමිඳු මෙන්ඩිස් වෙත හිමිව තිබේ. කුසල් මෙන්ඩිස් වෙනුවට කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල නැවතත් සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයකි. 2023 වසරේ මාර්තු මාසයේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගයෙන් පසුව ඔහු ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කර නොමැති අතර, ඒ අනුව ඔහු වසර 3කට පසුව මෙලෙස නැවතත් ටෙස්ට් සංචිතයකට ඇතුළත්ව සිටියි. මීට අමතරව, අවසන් වරට පැවැති බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියට ක්‍රීඩා නොකළ ක්‍රීඩකයින් කිහිපදෙනෙකු මෙන්ම නවක ක්‍රීඩකයින් දෙදෙනෙකු ද මෙම සංචිතයට එක්කර ඇත. ඒ අනුව මෙතෙක් කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කර නොමැති පිතිකරු පසිඳු සූරියබණ්ඩාර සහ තුන්ඉරියව් ක්‍රීඩක කේෂර නුවන්ත මුල් වරට ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබේ. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන මෙම ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අගෝස්තු 15 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය: ධනංජය ද සිල්වා (නායක) කමිඳු මෙන්ඩිස් (උපනායක) ළහිරු උදාර නිශාන් මධුෂ්ක දිනේෂ් චන්දිමාල් පසිඳු සූරියබණ්ඩාර සොනාල් දිනූෂ නිරෝෂන් දික්වැල්ල (කඩුලු රකින්නා) රමේෂ් මෙන්ඩිස් ප්‍රභාත් ජයසූරිය කේශර නුවන්ත මිලාන් රත්නායක අසිත ප්‍රනාන්දු ළහිරු කුමාර විශ්ව ප්‍රනාන්දු දිල්ෂාන් මධුෂංක
Google AdSense
In-Article Ad

