
විනිසුරු වයස වැඩි කරන්න මහ නාහිමිවරු අශිර්වාද කලා.. දිගටම කරන්නැයි කීවා..- නි. ඇමති
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමට අදාළ යෝජනාව සඳහා ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගේ පූර්ණ ආශිර්වාදය හිමිව ඇති බව වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිදු සමන් කුමාර මහතා පවසයි. මහා නායක හිමිවරුන් සමග පැවති සාකච්ඡාවලදී උන්වහන්සේලා මෙම පියවර ඉදිරියට ගෙන යන ලෙස විවෘතවම අනුශාසනා කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය. මෙම සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂය අනියත බියක් ඇති කරගෙන ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, රජයට ඒකාධිපති ගමනක් යාමට අවශ්‍යතාවක් ඇත්නම් ඒ සඳහා දැනටමත් පාර්ලිමේන්තුවේ පවතින තුනෙන් දෙකක බලය ප්‍රමාණවත් බව ද අවධාරණය කළේය. මහා නාහිමිවරුන්ගේ අනුශාසනා සහ ආශිර්වාදය ඇතිව මෙම කටයුතු සිදු කරන බැවින් විපක්ෂය නගන චෝදනා පදනම් විරහිත බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Google AdSense
In-Article Ad

