FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

එප්පාවලදි හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගනිද්දී තණමල්විල ගංජා හේන් 5ක් වටලයි

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

එප්පාවල, නල්ලමුදාව බටහිර ප්‍රදේශයේදී හෙරොයින් සන්තකව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, එප්පාවල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදීයි. එහිදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 500 ක් සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක්. ඔහු කලක සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත ඇති බවයි පොලීසිය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මේ අතර තණමල්විල, නිකවැව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගංජා හේන් 5ක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, තණමල්විල පොලිස් ස්ථානයේ නිලධාරීන් සිදුකල වැටලීම්වලදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. .

Google AdSense

In-Article Ad