FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

අතරමග දමා ගොස් සිට වයස අවුරුදු 4ක දැරියක් පොලිස් භාරයට

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

බරපතළ ලෙස වධහිංසාවට ලක්කර පහරදී තුවාළ සිදුකර , පිළිස්සීම් තුවාළ සහිතව සිටි වයස අවුරුදු 4ක දැරියක් අතුරු මාර්ගයක දමා ගොස් සිටියදී සොයාගෙන තිබෙනවා. වත්තේගම, යටිරාවණ ප්‍රදේශයේ අතුරු මාර්ගයක සිටියදි එම දැරිය සොයාගත් බවයි පොලීසිය පැවසුවේ. එම දැරිය පොලිස් භාරයට ගන්නා අවස්ථාවේ ඇය දැඩි කුසගින්නේ සිට තිබෙනවා. පසුව එම දැරියට කිරි සහ ආහාර පාන ලබා දීමට පියවර ගත් බවයි වත්තේගම පොලීසිය පැවසුවේ. සිරුර පුරා තුවාළ තිබීම හේතුවෙන් එම දැරිය වත්තේගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මහනුවර ජාතික රෝහලට මාරුකර යවා තිබෙනවා. ඇයගේ මව්පියන් සොයා වත්තේගම පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා. .

Google AdSense

In-Article Ad