FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

හෙට විභාගයේ ප්‍රශ්ණ පත්‍ර අද අම්බන්තොටින් හමුවේ..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

අද දින පැවැත්වීමට නියමිතව තිබූ සංගීතය, නර්‍තනය සහ කෘෂි විද්‍යාව යන විෂයන්ට අදාළ ප්‍රශ්න පත්‍ර බහාලුම් තුළ තිබී මෙම භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍ර පැකට් හමුවී ඇති බව වාර්‍තා වේ. අම්බලන්තොට ප්‍රදේශයේ පාසලක පිහිටි උසස් පෙළ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයකදී මෙම අනපේක්ෂිත සිදුවීම වාර්‍තා වී තිබේ. මේ පිළිබඳව අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය සඳහන් කළේ, අදාළ ප්‍රශ්න පත්‍ර පැකට් හමුවුවද ඒවා කිසිදු ලෙසකින් විවෘත වී හෝ නිරාවරණය වී නොමැති බවයි. එබැවින් විභාගයේ රහස්‍යභාවයට ඉන් හානියක් සිදුව නොමැති බව ඇය අවධාරණය කළාය. "ප්‍රශ්න පත්‍ර අංඩගු පැකැට්ටුවක් කිසිදු අයුරකින් විවෘත කිරීමක් හෝ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයකින් බැහැරට නිකුත් කිරීමක් සිදු කර නොමැත. එමෙන්ම ප්‍රශ්න පත්‍රයක් කිසිදු ආකාරයෙන් පිට වී නොමැති බව අවධාරණය කරමි. ව්‍යාජ තොරතුරුවලින් කලබලයට පත් නොවී හෙට (14) දිනයේ විභාගයට මුහුණ දෙන ලෙස සියලුම විභාග අපේක්ෂකයින්ට කාරුණිකව දන්වා සිටිමි. නියමිත කාලසටහන අනුව සියලුම විභාග මධ්‍යස්ථානවල විභාග පැවැත්වෙන බැවින් සියලුම අපේක්ෂකයින් තමන්ට නියමිත කාලසටහන අනුව එම විභාග මධ්‍යස්ථානවලට පැමිණ විභාගයට මුහුණ දෙන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා" කෙසේ වෙතත්, හෙට දිනට නියමිත ප්‍රශ්න පත්‍ර අද දිනට අදාළ බහාලුම් තුළට ඇතුළත් වූයේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලීමට බලධාරීන් මේ වන විට කටයුතු කරමින් සිටී.

Google AdSense

In-Article Ad