
මත්තල ගන්න 19ක් එයි..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, මෙම ආයෝජකයින්ගෙන් මිල ගණන් සහ සවිස්තරාත්මක ව්‍යාපෘති වාර්‍තා ඇතුළත් නිල ආයෝජන යෝජනා කැඳවීමට මේ වන විට කටයුතු සූදානම් කර ඇති බවයි. ගුවන් තොටුපොළ මෙහෙයුම් කටයුතු, ගුවන් යානා අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථාන, ගුවන් නියමු පුහුණු පාසල් සහ ඒ ආශ්‍රිත අනෙකුත් වාණිජ කටයුතු සඳහා මෙම ආයෝජන අවස්ථා විවෘත වනු ඇත. මත්තල ගුවන් තොටුපොළ රජයට බරක් නොවන ආයතනයක් බවට පත් කිරීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බවත්, ඒ අනුව විනිවිදභාවයකින් යුත් පොදු ආකෘතියක් යටතේ මෙම ආයෝජන කටයුතු මෙහෙයවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ. ආරම්භයේ සිටම මෙලෙස අඛණ්ඩව පාඩු ලැබීම හේතුවෙන්, පෞද්ගලික අංශයේ සහභාගීත්වයෙන් එහි මෙහෙයුම් කාර්‍යක්ෂම කිරීම රජයේ මූලික අරමුණ වී ඇත. මෙම ආයෝජන යෝජනා අතරින් වඩාත් වාසිදායක සහ ප්‍රායෝගික යෝජනා තෝරාගෙන කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය අපේක්ෂා කරයි.
Google AdSense
In-Article Ad

