
ඩොලර් බිලියනයක පමණ මුදලක් විදෙස් රටවලට නීතිවිරෝධීව රටින් පිටකිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් බැංකු හතරක කළමනාකරුවන් සිව්දෙනා රිමාන්ඩ්
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
අමෙරිකානු ඩොලර් බිලියනයක පමණ මුදලක් විදෙස් රටවලට නීතිවිරෝධී ක්‍රමයට රටින් පිටකිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත්, ප්‍රධාන පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් සිව්දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා ඒ, සැකකරුවන් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේයි. එහිදී අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ එම සැකකරුවන් ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්‍ශන කොට්ඨාසය විසින් එම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබූවා. .
Google AdSense
In-Article Ad

