FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

පාස්කු නඩුවේ විත්තිකරුවන්ගේ විත්ති වාචක ඉදිරිපත් කිරීම ඇරඹෙයි

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා විසි තුන් දහසකට අධික සංඛ්‍යාවක් යටතේ ගොනු කර තිබෙන නඩුවේ විත්තිකරුවන් විසින් තමන්ගේ විත්තිවාචක ඉදිරිපත් කිරීම අද කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ආරම්භ කළා. නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්වෙනවා. මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී එහි විත්තිකරුවන් වශයෙන් නම්කර සිටින සෙයිනුල් ආබ්දීන් මොහොමඩ් ජෙසීම්, මොහොමඩ් මුස්තාපා මොහොමඩ් රිස්වාන්, මීරා සහිර් මොහොමඩ් නෆ්ලි යන විත්තිකරුවන් විත්තිකූඩුවේ සිට සිය ප්‍රකාශය ඉදිරිපත් කිරීම සිදුකළා. මෙම නඩුවේ විත්තිකරුවන් 24 දෙනෙකු නම්කර තිබෙන අතර ඔවුන් රිමාන්ඩ් භාරයේ පසුවෙනවා. විත්තිකරුවන් විසින් විත්තියේ සාක්ෂි ඉදිරිපත් කිරීම තවදුරටත් සිදුවෙනවා. .

Google AdSense

In-Article Ad