
22 වන සංශෝධනයට එරෙහිව පෙත්සමක්
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පළමු පෙත්සම ඉදිරිපත් වුණා. ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ භාණ්ඩාගාරික ටී.එම්.එස්. පසිදු සිල්වා සහ එම සංගමයේ සහකාර ලේකම්වරයා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. පෙත්සම්කරුවන් ඉල්ලා සිටින්නේ අදාල පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්‍ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත වී එය ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි. මේ අතර අමාත්‍ය මණ්ඩලය මගින් සම්මත කර තිබෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම පූර්‍ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් එම පෙත්සම තුළින් ඉල්ලීමක් කර තිබෙනවා. අදාල පෙත්සමේ වග උත්තරකරු ලෙස නම් කර ඇත්තේ නීතිපතිවරයායි. .
Google AdSense
In-Article Ad

