FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

කොළඹ කොටස් විදේශීය විකිණුම් වේගයෙන් ඉහලට..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

අගෝස්තු 14 වනදායින් අවසන් වූ සතිය තුළ කොළඹ කොටස් වෙළඳපොළේ විදේශීය ආයෝජකයින් විසින් සිදුකළ කොටස් විකිණුම්වල කැපී පෙනෙන වර්‍ධනයක් කොටස් වෙළඳපොළ සතිපතා වාර්‍තා පෙන්වා දෙයි. එම වාර්‍තාවට අනුව, ගතවූ සතිය තුළ විදේශීය විකිණුම්වල වටිනාකම රුපියල් බිලියන 4.38ක් ලෙස සටහන් වී ඇත. එහෙත් එම කාලසීමාව තුළ විදේශීය මිලදී ගැනීම් වාර්‍තා වී ඇත්තේ රුපියල් මිලියන 825ක් පමණි. ඒ අනුව සතිය තුළ වෙළඳපොළෙන් රුපියල් බිලියන 3.5කට අධික ශුද්ධ විදේශීය මුදල් ප්‍රමාණයක් පිටතට ගලා ගොස් තිබේ. විදේශීය විකිණුම් ඉහළ මට්ටමක පැවතියද, වෙළඳපොළ ප්‍රධාන දර්‍ශකයන්ගේ වර්‍ධනයක් මෙම සතියේ දක්නට ලැබීම විශේෂත්වයකි. සියලු කොටස් මිල දර්‍ශකය (ASPI) ඒකක 21,623.17ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පෙර සතියේ පැවති ඒකක 21,370.09ට සාපේක්ෂව ඒකක 253ක වර්‍ධනයකි. එසේම S&P SL 20 දර්‍ශකය ද ඒකක 5,988.16 සිට ඒකක 6,065.72 දක්වා ඉහළ ගොස් ඇත. සතියේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 12.4ක් ලෙස සටහන් වන අතර, වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 7.8ක් දක්වා ඉහළ ගොස් තිබේ. ගතවූ සතිය තුළ සමාගම් 274ක කොටස් ගනුදෙනු සිදුවී ඇති බව ද එම වාර්‍තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

Google AdSense

In-Article Ad