
පාර්‍ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී අධිකරණයට ගල් ගහන්න දෙන්න බෑ...
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂයට යම් ගැටලුවක් පවතින්නේ නම් , ඒ සඳහා පවතින ව්‍යවස්ථාපිත ක්‍රමවේදයන් අනුගමනය කළ යුතු බව ඔහු පෙන්වා දුන්නේය . " අධිකරණ ක්‍රියාමාර්‍ගවලට යන්න , නැතිනම් පාර්‍ලිමේන්තුවේදී මෙය පරාජය කරන්න උත්සාහ කරන්න . එසේ නොමැතිව නිකරුණේ බාධා කිරීම් සිදු නොකළ යුතුයි " යනුවෙන් ඔහු අවධාරණය කළේය . පසුගිය කාලසීමාව තුළ මෙරට ජනතාව විසින් පැරණි දේශපාලන පන්තිය ප්‍රතික්ෂේප කර ඇති බවත් , වර්‍තමාන රජය කටයුතු කරන්නේ මහජන අභිලාෂයන්ට අනුකූලව බවත් පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේය . සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ විපක්ෂයට ද ජනතාව ලබා දී ඇත්තේ ඉතා අඩු ප්‍රතිශතයක් බව සිහිපත් කළ ඔහු , ජනමතයට ගරු කරමින් කටයුතු කරන ලෙස විපක්ෂයෙන් ඉල්ලා සිටියේය .
Google AdSense
In-Article Ad

