FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

නියග ප්‍රදේශවල එක් පුද්ගලයෙකුට ජලය ලීටර පහලොවක්...

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

වියළි කාලගුණයේ බලපෑම හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 23ක පවුල් 23,048කට අයත් පුද්ගලයන් 72,153ක් සඳහා පානීය ජලය බෙදාහැරීමේ කටයුතු අඛණ්ඩව සිදු කෙරේ. මොනරාගල, අම්පාර, බදුල්ල, මඩකලපුව, පොළොන්නරුව, රත්නපුර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල මෙලෙස ජල හිඟය දැඩිව පවතින බව එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි. මොනරාගල දිස්ත්‍රික්කය මෙම තත්ත්වයෙන් වැඩිම බලපෑමට ලක්ව ඇති අතර, එහි පවුල් 10,264කට අයත් පුද්ගලයන් 33,023ක් සඳහා ජලය සැපයීමට පියවර ගෙන ඇත. මීට අමතරව මඩකලපුව දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 28,523ක් සහ අම්පාර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 7,882ක් ද ජල හිඟයෙන් පීඩා විඳිති. සමස්තයක් ලෙස දිවයින පුරා පුද්ගලයන් 81,865ක් පමණ වියළි කාලගුණයේ බලපෑමට ලක්ව සිටින බව වාර්‍තා වේ. මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්‍තමේන්තුව පවසන්නේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවයි. අම්පාර, මොනරාගල සහ මඩකලපුව දිස්ත්‍රික්කවල පස්වරු 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතී. ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්‍තමේන්තුව මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Google AdSense

In-Article Ad