FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ නිකිණි පුර පසළොස්වක පොහොය අදයිනෙත් ශ්වේත පූජා කැස්බෑව විජයසුන්දරාරාමයේදී

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදයි. ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් අද වන් පොහොය දිනක සිදු වූ බවයි පොල්ගස්ඕවිට, සියඹලාගොඩ, සඳමෙත් අරණ භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක කොළඹ රාජකීය විද්‍යාලයේ ආචාර්‍ය ශාස්ත්‍රපති පූජ්‍ය සියඹලාගොඩ ධම්මින්ද හිමියන් පැවසුවේ. “අද උතුම් නිකිණි පුර පසළොස්වක පොහොය දවස. ශාසනික වශයෙන් බොහෝ වැදගත්කම් රාශියක් සහිත පොහොය දිනයක් හැටියට තමයි මේ නිකිණි පුර පසළොස්වක පොහොය සලකන්නේ. විශේෂයෙන්ම වස්තුන් මාසය ආරම්භ වීමෙන් අනතුරුව එළඹෙන දෙවැනි පොහොය. පෙරවස් සමාදන් නොවූ උපසම්පදා ස්වාමීන් වහන්සේලා පසුපස් එළඹෙන්නේ අද වගේ උතුම් පොහොය දිනයකදී. ඒ වගේම තථාගතයන් වහන්සේ පරිනිර්‍වාණයට පත්වෙලා තෙමසක් ඇවෑමෙන් අජාසත්ත රජතුමාගේ රාජ්‍ය අනුග්‍රහය, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් ප්‍රථම ධර්‍ම සංගායනාව සිද්ධ වුණේ මෙවන් උතුම් පොහොය දවසකදී. ආනන්ද හාමුදුරුවන් වහන්සේ සතර ඉරියව්වෙන් එකදු ඉරියව්වකින්වත් නොවී රහත් බෝධියට පත්වෙන්නේ අද වගේ උතුම් පොහොය දවසකදී. විශේෂයෙන්ම ලංකාවාසී බෞද්ධයන්ට දළදා පැරහැර, දළදා වහන්සේ සම්බන්ධයෙන් සිද්ධ කෙරෙන ඒ උතුම් පූජාවන් සිද්ධ වෙන පොහොය නිකිණි පුර පසළොස්වක පොහොය දවස.” මේ අතර සෑම පුර පසළොස්වක පොහොය දිනකම නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන ශ්වේත පූජා සජීවී වැඩසටහන අද උදෑසන 06.00ට ආරම්භ වුණා. ඒ, කැස්බෑව, විජයසුන්දරාරාම විහාරස්ථානය හෙවත් නන්දන මහා පිරිවෙන් පින් බිමේදීයි. ඒ පිළිබඳ තවත් තොරතුරු එම විහාරස්ථානයේ රැඳී සිටින නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝනගෙන් “නෙත් එෆ්. එම්. ශ්වේත පූජා සජීවී පින්කම් මාලාව මේ උතුම් නිකිණි පුර පසළොස්වක පෝදා පැවැත්වෙන්න ලබන්නේ කැස්බෑව ශ්‍රී විජය සුන්දරාරාම විහාරස්ථානයේදී, කවුරුත් දන්නා විදිහට නන්දන මහා පිරිවෙන් විහාරස්ථානයේදී. අද උදෑසන හයට මේ විහාරස්ථානයේ විහාරාධීශ්වර පූජනීය කැස්බෑවේ ඉන්ද ආනන්ද ස්වාමීන් වහන්සේ විසින් අෂ්ටාංග සීල සමාදානයත් සමඟ මෙ මහ පින්කම් මාලාව ආරම්භ කරනු ලැබුවා. ඉන් අනතුරුව අද රාත්‍රී නවය දක්වාම ධර්‍ම දේශනා, ධර්‍ම සාකච්ඡා, ආශීර්‍වාද පූජා, කාව්‍යමය ධර්‍ම දේශනා, ඒ වගේම රාත්‍රී අටට පැවැත්වෙන ආශීර්‍වාද මහා ගිලන්පස පහන් පූජාව දක්වා පින්කම් මාලාවක් ඔබ වෙත සමීප කරන්නට අපි සූදානම්.අපි ආරාධනා කරනවා ඔබට පස්වරුවේ මේ මහා ආශීර්‍වාද පූජාවන් සමඟ එක්වන්නට කැස්බෑව නගර මධ්‍යයේ තියෙන මේ උතුම් වූ විහාරස්ථානයට පැමිණෙන්නට කියලා. අද දවස පුරාම එෆ්. එම්. 95 න්, එෆ්. එම්. 94.8 න් නෙත් එෆ්. එම්. රේඩියෝව ශ්‍රවණය කරන්නට කියලාත් අපි ආරාධනා කරනවා.” .

Google AdSense

In-Article Ad