FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ත්‍රිකුණාමල තෙල් ටැංකි ආයෝජකයින්ට දෙනවා..- සිපෙට්කෝ

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා මේ බව අනාවරණය කළේය. ඔහු පෙන්වා දෙන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට 51%ක හිමිකාරීත්වයක් පවතින CPSTL සමාගම යටතේ පවතින තෙල් ටැංකි 61න් 29ක් මෙලෙස ආයෝජකයන් වෙත ලබා දීමට නියමිත බවයි. මෙම ව්‍යාපෘතිය සඳහා සුදුසු ආයෝජකයන් තෝරා ගැනීම වෙනුවෙන් යෝජනා කැඳවීමේ ක්‍රියාවලිය මේ වන විට සූදානම් කරමින් පවතින බවද ඔහු සඳහන් කළේය. මීට අමතරව, ත්‍රිකුණාමලයේ පිහිටි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සෘජුවම අයත් තෙල් ටැංකි 24 ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතුද මේ වන විට ආරම්භ කර ඇත. ඉන් ටැංකි දෙකක වැඩකටයුතු දැනටමත් අවසන් කර ඇති අතර, තවත් ටැංකි තුනක ප්‍රතිසංස්කරණ කටයුතු මේ දිනවල සිදු කෙරෙමින් පවතී. සංස්ථාවේ මූලික ඉලක්කය වන්නේ එම ටැංකි 24ම කඩිනමින් ප්‍රතිසංස්කරණය කර මෙහෙයුම් කටයුතු සඳහා එක් කර ගැනීම බව නෙත්තිකුමාර මහතා වැඩිදුරටත් පැවසීය.

Google AdSense

In-Article Ad