FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ලේසියට රජයට බැන්නට ඇත්තටම දූෂිත පුද්ගලික අංශය..- චතුරංග

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

සමාජය තුළ පොදුවේ පවතින මතය වන්නේ රාජ්‍ය අංශය පමණක් අකාර්‍යක්ෂම බව වුවද, සැබෑ තත්ත්වය ඊට වඩා වෙනස් බව ඔහු පෙන්වා දෙයි. පෞද්ගලික අංශයේ පවතින අක්‍රමිකතා පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, භාණ්ඩවල වටිනාකම අඩු කර පෙන්වීම වැනි දූෂිත ක්‍රියාවල පෞද්ගලික අංශය බහුලව නිරත වන බවයි. රාජ්‍ය අංශය මහජන මුදල් පරිහරණය කරන බැවින් ඒ පිළිබඳව වගවීමක් පවතින නමුත්, පෞද්ගලික අංශය තුළ එවැනි විනිවිදභාවයක් දක්නට නොලැබෙන බව ඔහු අවධාරණය කළේය. විශේෂයෙන්ම මහා පරිමාණ පෞද්ගලික සමාගම්වල පවතින Conflict of Interest කළමනාකරණය කිරීමේ ගැටලු සහ ප්‍රසම්පාදන ක්‍රියාවලීන්හි පවතින අක්‍රමිකතා පිළිබඳවද ඔහු මෙහිදී කරුණු අනාවරණය කළේය. "බොහෝ මහා පරිමාණ සමාගම් විධිමත් ටෙන්ඩර් පටිපාටි අනුගමනය කරන්නේ නැහැ. ප්‍රසම්පාදන කළමනාකරුට අවශ්‍ය පුද්ගලයන්ට කොන්ත්‍රාත් ලබා දීමේ හැකියාව එහි පවතිනවා. කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගම්වල යම් මට්ටමක පාලනයක් තිබුණත්, අනෙකුත් ආයතනවල තත්ත්වය ඉතාම අසතුටුදායකයි," යනුවෙන් අමාත්‍යවරයා පැවසීය. පෞද්ගලික අංශය තුළ අභ්‍යන්තර හා බාහිර දූෂණ මෙන්ම දැඩි අකාර්‍යක්ෂමතාවන් පවතින බවත්, රටක් ලෙස ඉදිරියට යාමට නම් රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයද කාර්‍යසාධන දර්‍ශක මත පදනම්ව විනිවිදභාවයෙන් යුතුව කටයුතු කළ යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය. රාජ්‍ය අංශය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඩිජිටල්කරණය සහ කාර්‍ය මණ්ඩල වෙනස්කම් වැනි දීර්‍ඝකාලීන ක්‍රියාවලියක රජය නිරතව සිටින බවත්, පෞද්ගලික අංශයට අවශ්‍ය නම් ඉතා කෙටි කලකින් තම ආයතන තුළ විනය සහ කාර්‍යක්ෂමතාව ඇති කිරීමට තීරණය කළ හැකි බවත් නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Google AdSense

In-Article Ad