
අපි ගමට ආණ්ඩුවක් දීලා තියෙනවා.. ගම ඇතුළේ වැඩ අපේ පක්ෂයෙන් අධීක්ෂණය කරනවා..- ලාල්
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ යටිනුවර, මල්ගම්මන වසමේ ජාතික ජන බලවේගයේ කොට්ඨාස සභා පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, ගම තුළ සිදුවිය යුතු සංවර්‍ධන කටයුතු පිළිබඳ තීරණ ගැනීමේ පූර්‍ණ බලය ප්‍රජා ශක්ති කමිටු සතු වන බවයි. "අපි බලයට ඇවිත් ගමටත් ආණ්ඩුවක් ගෙනත් දීලා තියෙනවා. ප්‍රජා ශක්ති කමිටුවේ සභාපතිවරයා තමයි ගමේ ප්‍රධානියා. ගම ඇතුළේ වෙන්න ඕන වැඩ ගැන තීරණ ගන්න ඕන ඔබයි. අපේ පක්ෂ සංවිධානය ඒ කටයුතු අධීක්ෂණය කරනවා," යැයි ඔහු පැවසීය. රටේ පවතින රාජ්‍ය යාන්ත්‍රණය මේ වන විට ඉතා දුර්‍වල මට්ටමක පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා, රජය විසින් ප්‍රතිපාදන වෙන් කළද රාජ්‍ය ආයතන හරහා එම කටයුතු නිසි පරිදි ඉටු නොවන බව ප්‍රකාශ කළේය. එම නිසා රජය මෙන්ම ජනතාවද නව වෙනසකට අනුගත විය යුතු බව ඔහු පෙන්වා දුන්නේය. පැරණි දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරමින් අමාත්‍යවරයා කියා සිටියේ, රැකියා ඉල්ලා හෝ වෙනත් පෞද්ගලික අවශ්‍යතා සඳහා අමාත්‍යවරුන් හෝ මන්ත්‍රීවරුන් හමුවීමට පැමිණීමෙන් පලක් නොවන බවයි. ජනතාවට පවතින ගැටලු ඉදිරිපත් කිරීම සඳහා නවීන තාක්ෂණය භාවිතා කරන ලෙස උපදෙස් දුන් ඔහු, WhatsApp ඔස්සේ යොමු කරන Voice Messages කෙරෙහි තමා පෞද්ගලිකව අවධානය යොමු කර අවශ්‍ය පියවර ගන්නා බවද සඳහන් කළේය.
Google AdSense
In-Article Ad

