
මලයගම් ප්රජාවේ පනස් දෙනෙකුට අද නිවාස
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
මලයගම් ප්රජාව වෙනුවෙන් ක්රියාත්මක කළ කබරගල නවෝදයාපුරම් නිවාස ව්යාපෘතිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් අද දිනයේ දී ජනතා අයිතියට පත් කිරිමට නියමිතව තිබෙනවා. 2023 මාර්තු 19 වනදා හල්දුම්මුල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පුනාගල , කබරගල , ලියන්ගහවෙල කන්ද ප්රදේශයේ නායයාමෙන් පවුල් 50කට ආසන්න සංඛ්යාවකට නිවාස අහිමිවුණා. එතැන් සිට ඔවුන්ට සිදුවුයේ ප්රදේශයේ වසා දමා තිබු තේ කම්හලක අද දිනය දක්වා ජීවත් විමටයි. ඔවුන් වෙනුවෙන් නව නිවාස ව්යාපෘතියක් ආරම්භ කළේ වැවිලි හා ප්රජා යටිතල පහසුකම් අමාත්යාංශයේ මූලිකත්වයෙන්. පර්චස් 10 බැගින් වු ඉඩමක අංග සම්පුර්ණ නිවාස 50ක් ඉදිකර තිබෙනවා. වර්ග අඩි 550කින් සමන්විත මෙම එක් නිවසක් සදහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 32ක්. නිදන කාමර දෙකකින් , සාලයකින් , මුලුතැන්ගෙයකින් සහ නාන කාමරයකින් මෙය සමන්විතයි. ඉඩම සමග එක් නිවසක වටිනාකම රුපියල් ලක්ෂ 60කට අධික බවටයි පුරෝකථනය කර ඇත්තේ. මෙම නිවාස සඳහා වැය කර ඇති සම්පුර්ණ මුදල රුපියල් මිලියන 160ක්. නිවාසවලට අවශ්ය ගෘහ භාණ්ඩ සහ මුලුතැන්ගෙය උපකරණ ද ලබා දී තිබෙනවා. අද දිනයේ දී මෙම නිවාස ව්යාපෘතිය ජනාධිපතිවරයා අතින් ප්රතිලාභීන් වෙත පැවරීමට නියමිතයි. .
Google AdSense
In-Article Ad

