FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

මාතර රූපලාවන්‍යාගාරයක් වටලා මත්ද්‍රව්‍ය තොගයක් සමග අඹුසැමි යුවළක් අත්අඩංගුවට

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

මාතර දුම්‍රිය ස්ථානය ආසන්නයේ පිහිටි රූපලාවන්‍යාගාරයක් වටලා මත්ද්‍රව්‍ය තොගයක් සමග අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මාතර කොට්ඨාස අපරාධ විමර්‍ශන කාර්‍යාංශයේ නිලධාරීන් සහ කොට්ඨාස දූෂණ මර්‍දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි. ඒ අනුව හොරොයින් කිලෝ දෙකයි ග්‍රෑම් 45ක්, අයිස් ග්‍රෑම් 56 යි මිලිග්‍රෑම් 800 ක් හා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ලද බවට සැක කෙරෙන රුපියල් හය ලක්‍ෂ විසි පන්දහසක මුදලක් සහ ජංගම දුරකතන 5 ක් සිය භාරයට ගත් බවයි පොලීසිය පැවසුවේ. අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ මාතර, විලේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා. මොවුන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සමීප සබදතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති බවටයි විමර්‍ශනවලදී අනාවරණ වී ඇත්තේ. .

Google AdSense

In-Article Ad