
පිටි මිල වැඩි කලේ ලෝක යුද්දය නිසා.. මීට වඩා වැඩි කල යුතු වුනත් සාකච්චා කර මේ ගාණට කලා..- නි. ඇමති
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
පිටි මිල ඉහළ යාම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ගෝලීය අර්‍බුද හමුවේ ආනයනික භාණ්ඩවල මිල ඉහළ යාම පාලනය කිරීම අසීරු වුවද, රජය මැදිහත් වී ආනයන සමාගම් සමඟ කළ සාකච්ඡා හේතුවෙන් පිටි මිල මීට වඩා ඉහළ යාම වළක්වා ගැනීමට හැකි වූ බවයි. "විශේෂයෙන්ම ලෝකයේ පවතින යුදමය තත්ත්වය නිසා නාවික ප්‍රවාහන වියදම් සහ රක්ෂණ ගාස්තු විශාල ලෙස වැඩි වී තිබෙනවා. මෙහි බලපෑම ආනයනික පිටි මිලටත් එකතු වෙනවා. ඇත්තටම මීට වඩා වැඩි මිලකින් පිටි මිල ඉහළ යාමට ඉඩ තිබුණත්, වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඇතුළු අපේ අමාත්‍යාංශය අදාළ සමාගම් සමඟ සාකච්ඡා කර එය යම් මට්ටමකට පාලනය කළා," යැයි ඔහු පැවසීය. විපක්ෂය මෙම තත්ත්වය දේශපාලන වාසි සඳහා යොදා ගනිමින් අසත්‍ය ප්‍රචාර පතුරුවන බවට චෝදනා කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, ජනතාවට සහන සැලසීම සඳහා රජය උපරිමයෙන් මැදිහත් වන බවද අවධාරණය කළේය. ඒ අනුව, සතොස, කෝප් සිටි සහ යළි ආරම්භ කරන ලද ජාතික සමුපකාර තොග වෙළඳ සංස්ථාව හරහා තරඟකාරී මිලකට අත්‍යවශ්‍ය භාණ්ඩ ජනතාවට ලබා දීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Google AdSense
In-Article Ad

