
ගැටඹරුව රෙදිපිළි වෙළෙදසැලක ගින්නක්
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
දෙනියාය, කොටපොල ගැටඹරුව ප්‍රදේශයේ රෙදිපිළි වෙළෙදසැලක ඇති වූ ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් රුපියල් කෝටි 10 පමණ අලාභයක් සිදුව ඇති බවයි වාර්‍තා වුණේ. ඊයේ රාත්‍රි 10.00 ට පමණ ගින්න ආරම්භ විමත් සමගම ප්‍රදේශ වාසීන්, පොලීසිය හා කොටපොල ප්‍රාදේශීය සභාව එක්ව ගින්න පැතිරීම වලක්වා ගත් බව එම අවස්ථාව ආවරණය කළ නෙත් නිව්ස් නියෝජිත ප්‍රියන්ත දසනායක පැවසුවා. ගින්නෙන් කිසිවෙකුට තුවාලයක් සිදු වී නැහැ. ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට සැක කෙරෙනවා. කෙසේවෙතත් ගින්නට හේතුව සොයා විමර්‍ශන සිදු කරන බව කොස්මෝදර පොලීසිය පැවසුවා. .
Google AdSense
In-Article Ad

