
එක පෑන් පාරින් වරාය අධිකාරියේ MD ඉවත් කරයි..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද ලිපියක් මගින් මෙම තීරණය දැනුම් දී ඇති අතර, ඒ අනුව හේමචන්ද්‍ර මහතාට සිය තනතුරෙන් වහාම ඉවත් වන ලෙස දන්වා ඇත. වත්මන් ජාතික ජන බලවේගය රජය බලයට පත්වීමෙන් පසු වරාය අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ගණක හේමචන්ද්‍ර මහතා මෙම තනතුර සඳහා පත් කරන ලදී. කෙසේ වෙතත්, ඔහුට එරෙහිව වරාය වෘත්තීය සමිති රැසක් විසින් බරපතළ චෝදනා රැසක් එල්ල කර තිබුණි. විශේෂයෙන්ම ත්‍රිකුණාමලය වරායේ තිබූ නියමු යාත්‍රාවක් අක්‍රමවත් ලෙස භාවිත කරමින් රුපියල් කෝටි 20කට අධික මූල්‍ය පාඩුවක් රජයට සිදු කළ බවට ඔහුට එරෙහිව චෝදනාවක් එල්ල විය.
Google AdSense
In-Article Ad

