FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

විධායක බලය අවභාවිතය, මානව හිමිකම් කඩවීම් නවතන්න.. ජිනීවා වෙතින් ශ්‍රී ලංකාව ගැන බරපතල නිවේදනයක්...

FM Heart · 3 min read

Google AdSense

After Featured Image

2025 ඔක්තෝබර් සිට 2026 ජූලි දක්වා කාලය ආවරණය වන පරිදි සකස් කර ඇති මෙම වාර්‍තාව මගින් ශ්‍රී ලංකා රජය ලබා දී ඇති පොරොන්දු සහ වත්මන් ප්‍රගතිය පිළිබඳව ගැඹුරු විශ්ලේෂණයක් ඉදිරිපත් කර ඇත . එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටූර්‍ක් මහතා පෙන්වා දෙන්නේ , වත්මන් රජය බලයට පත්වීමේදී මානව හිමිකම් සුරැකීමට සහ ආයතනික ප්‍රතිසංස්කරණ සිදු කිරීමට ලබා දුන් පොරොන්දු සම්බන්ධයෙන් යම් ප්‍රගතියක් පෙන්නුම් කළද , එම ක්‍රියාවලිය තවදුරටත් වේගවත් කළ යුතු බවයි . විශේෂයෙන්ම දූෂණයට එරෙහිව ගෙන ඇති පියවර සහ ඇතැම් දේශපාලන ඝාතන සම්බන්ධයෙන් සිදුකරන විමර්‍ශන වාර්‍තාවේ ඇගයීමට ලක්ව ඇත . රජය ලබා දුන් පොරොන්දු අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීම ප්‍රමුඛ වුවද , එය තවදුරටත් භාවිත කිරීම සම්බන්ධයෙන් මහ කොමසාරිස්වරයා සිය කනස්සල්ල පළ කර තිබේ . පනත යටතේ සිදුකරන අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සහ දීර්‍ඝකාලීන රඳවා තබා ගැනීම් තවදුරටත් වාර්‍තා වන බවත් , උතුරු සහ නැගෙනහිර පළාත්වල සිවිල් ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් රාජ්‍ය බුද්ධි අංශවල නිරීක්ෂණයට ලක්වීම සංහිඳියා ක්‍රියාවලියට බාධාවක් බවත් වාර්‍තාවේ සඳහන් වේ . 2025 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට බලපෑ ' දිත්වා ' සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් 687 දෙනෙකු මියගොස් විශාල දේපළ හානියක් සිදුවීම මානව හිමිකම් කෙරෙහි ද බලපා ඇති බව වාර්‍තාව පෙන්වා දෙයි . රටේ ණය වගකීම් පියවීම සඳහා රජයේ ආදායමෙන් විශාල ප්‍රතිශතයක් වැය කිරීමට සිදුවීම නිසා සෞඛ්‍ය , අධ්‍යාපන සහ සමාජ ආරක්ෂණ ක්ෂේත්‍ර සඳහා වෙන් කරන ප්‍රතිපාදන සීමා වී ඇති බවත් , මේ හේතුවෙන් දිළිඳු ජනතාව දැඩි පීඩාවට පත්ව ඇති බවත් එහි සඳහන් වේ . මෑත කාලීනව වාර්‍තා වූ බන්ධනාගාර ගැටුම් සහ පොලිස් අත්අඩංගුවේදී සිදුවූ මරණ පිළිබඳව ද වාර්‍තාව අවධානය යොමු කර ඇත . විශේෂයෙන්ම මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමකින් පුද්ගලයන් 32 දෙනෙකු මියයාම සහ වැලිකඩ බන්ධනාගාරයේදී රැඳවියෙකුට පහර දී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන විමර්‍ශන අවශ්‍ය බව අවධාරණය කර තිබේ . මීට අමතරව , බෞද්ධ භික්ෂූන් වහන්සේලා සම්බන්ධ ළමා අපයෝජන චෝදනා පිළිබඳව ද වාර්‍තාවේ කරුණු දක්වා ඇත . 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට මරණ දඬුවම නියම වීම වගවීම සම්බන්ධයෙන් ගත් වැදගත් පියවරක් ලෙස වාර්‍තාවේ දැක්වේ . එසේම , ප්‍රගීත් එක්නැලිගොඩ සහ නඩරාජා රවිරාජ් වැනි ප්‍රමුඛ පෙළේ නඩු සම්බන්ධයෙන් පවතින ප්‍රගතිය පිළිබඳව ද මෙහි සඳහන් වේ . මහ කොමසාරිස්වරයා රජයට ඉදිරිපත් කර ඇති ප්‍රධාන නිර්‍දේශ අතර : ශ්‍රී ලංකාව තුළ තිරසාර සාමයක් සහ සංහිඳියාවක් ඇති කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවගේ සහාය ඇතිව මෙම ප්‍රතිසංස්කරණ කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්‍තාව වැඩිදුරටත් අවධාරණය කරයි .

Google AdSense

In-Article Ad