FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

සත්‍ය බොහෝම කටුකයි... බන්ධනාගාරයේ සිටින නාමල්ගෙන් ප්‍රකාශයක්!

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

මේ වනවිට බන්ධනාගාරගත කර සිටින පාර්‍ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබා ඇත. එම සටහන පහතින්.. “වසර දෙකක් පුරාවට ඔවුන් කියා සිටියේ අපට එරෙහිව ඔවුන් සතුව සාක්ෂි තිබෙන බවයි. සොරා ගත් මුදල් නැවත ලබා ගෙන සත්‍ය හෙළි කරන බවයි. මා සම්බන්ධව යම් සාක්ෂියක් පවතින්නේ නම්, සාධාරණ සහ අපක්ෂපාතී පරීක්ෂණයකට මුහුණ දීමට මම සූදානම්. කිසියම් වරදක් සිදු කර ඇත්නම් එයට අදාළ නීතිමය පසුබිම යටතේ කටයුතු කිරීමට මම සූදානම්. නීතියට මුවා වී වෛරී සහගත දේශපාලන පලි ගැනීම් සිදු නොවිය යුතු බව අවධාරණය කරමි. අද දිනයේ සැප්තැම්බර් 18 දක්වා මා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පියවර ගෙන තිබෙනවා. හෙට රජය බලයට පැමිණ වසර දෙකක් ගතවන මොහොතේ ජන හමු පැවැත්වීමට නියමිත අතර, ජනාධිපතිවරයා එහිදී ජනතාව අමතනු ඇත. වසර දෙකක පාලනයෙන් පසුව ජනතාව වෙනුවෙන් සැබැවින්ම ඉටු කළේ කුමක්දැයි බරපතල ගැටළු බොහෝමයක් මතු වී ඇති අවස්ථාවක, අද මේ සිදුවීම නොසලකා හැරීම අපහසු ය. එසේම, සැප්තැම්බර් 12 වනදා අනුරාධපුරයේ පැවැත්වීමට නියමිත අපගේ දැවැන්ත ජන රැළිය සඳහා දහස් ගණනින් ජනතාව එක්වීමට නියමිතය. මා හට බිය වීමට කිසිවක් නැත. සඟවා තැබීමට කිසිවක් නැත. මා සෑම මොහොතකම විශ්වාස කළ නිවැරදි දෑ වෙනුවෙන්ද, මා නියෝජනය කරන ජනතාව වෙනුවෙන් ද පෙනී සිටින අධිෂ්ඨානයෙන් මේ සියලු අභියෝගයන්ට මුහුණ දෙමි. මාගේ නිදහස අහිමි කළ හැක්කේ එක්තරා කාලයකට පමණි. නමුත් මාගේ හඬ, මාගේ විශ්වාසයන් හෝ මාගේ ආදරණීය මාතෘ භූමියේ ජනතාව වෙනුවෙන් මා කරන කැප කිරීම උදුරා ගත නොහැක. දේශපාලන බලය තාවකාලිකය. සත්‍ය සදාකාලිකය. මේ සියලු සිදුවීම් කුමක් උදෙසාද, කවදා කවුරුන් විසින් සිදු කළේද යන්න ඉතිහාසය සාක්ෂි දරනු ඇත. මේ සියල්ලටම මම නොබියව මුහුණ දෙමි. නාමල් රාජපක්ෂ”

Google AdSense

In-Article Ad