
නාමල් රිමාන්ඩ් කිරීම ගැන පොහොට්ටුට පෙර එජාපයෙන් විරෝධය.. පොහොට්ටුවෙන් නිවේදනයක් නෑ..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය අංශය මගින් නිකුත් කළ මෙම නිවේදනය මගින් පෙන්වා දෙන්නේ, නාමල් රාජපක්ෂ මහතා මෙලෙස අත්අඩංගුවට ගැනීම දේශපාලන අරමුණක් සහිතව සිදු කර ඇති බවයි. විශේෂයෙන්ම එළඹෙන 12 වනදා අනුරාධපුර නගරයේදී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ "ජනතා රැලිය" කඩාකප්පල් කිරීමේ අරමුණින් රජය මෙම පියවර ගෙන ඇති බව එම පක්ෂය චෝදනා කරයි. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට රට වටා ගොස් රැස්වීම් පැවැත්වීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නාමල් රාජපක්ෂ මහතාටද හිමි විය යුතු බවත්, එම අයිතිය උදුරා ගැනීම නූතන ශිෂ්ට සම්පන්න සමාජය අනුමත නොකරන බවත් එහි සඳහන් වේ. මෙවැනි මර්‍දනකාරී ක්‍රියා දෙස නූතන 'Gen-Z' පරපුර බලන්නේ දැඩි පිළිකුලකින් බවද එක්සත් ජාතික පක්ෂය පෙන්වා දෙයි. දිනෙන් දින පිරිහෙන ජනතා ප්‍රසාදය හමුවේ රජය මෙවැනි ක්‍රියා මාර්‍ග හරහා අසරණ වී ඇති බව පෙන්වා දෙන එම නිවේදනය, අත්අඩංගුවට ගැනීම් මගින් ජනතා නායකයන් කෙරෙහි පවතින ප්‍රසාදය නැති කළ නොහැකි බව රජයට අවධාරණය කර සිටියි. සිදු වීම ගැන මේ වන තෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිල නිවේදනයක් ප්‍රකාශ වී නැත.
Google AdSense
In-Article Ad

