
නේපාලයේ ජලවිදුලි ක්ෂේත්රය දැඩි අවදානමක
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
නේපාලයේ විදුලි අවශ්‍යතාවයෙන් 100% ක් පමණ සම්පූර්‍ණ කෙරෙන ජලවිදුලි ක්ෂේත්‍රයට, ගෝලීය උණුසුම ඉහළ යාම හමුවේ එල්ල වී ඇති අභියෝගය පිළිබඳව මේ වන විට දැඩි අවධානයක් යොමුව තිබෙනවා. නේපාලය විසින් සිය අතිරික්ත ජලවිදුලිය ඉන්දියාවට සහ බංග්ලාදේශයට අපනයනය කරමින් වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 200 කට ආසන්න ආදායමක් උපයනු ලබනවා. නමුත් ගෝලීය උණුසුම හමුවේ හිමාලයානු හිමකඳු සහ ග්ලැසියර දියවී යාම හේතුවෙන් එරට ජලවිදුලි ක්ෂේත්රය දැඩි අවදානමකට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්‍තා කළේ. පසුගියදා නේපාල සහ ටිබෙට් දේශසීමා ආසන්නයේ ඇති වූ දැවැන්ත හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් ත්‍රීශූලී ගංගා ද්‍රෝණියේ පිහිටි ජලවිදුලි මධ්‍යස්ථාන 12 කට දැඩි හානි සිදු වී තිබෙනවා. මේ හේතුවෙන් නේපාලයේ සමස්ත විදුලි නිෂ්පාදන ධාරිතාවෙන් 10% කට වඩා වැඩි ප්‍රමාණයක් අක්‍රිය වී ඇති බවයි වාර්‍තා වන්නේ. හානියට පත් ජලවිදුලි මධ්‍යස්ථාන අතුරින් 06 ක් රජයට අයත් වන අතර, දැනට පවතින විදුලි සැපයුම ප්‍රමාණවත් බව නේපාල විදුලිබල අධිකාරිය කියාසිටියා. කෙසේ වෙතත්, දේශගුණික විපර්‍යාස හේතුවෙන් මෙවැනි ස්වාභාවික ව්‍යසනයන් නිතර සිදුවන බැවින් නේපාලයේ ජලවිදුලි ප්‍රතිපත්තිය නැවත සමාලෝචනය කිරීමට කාලය පැමිණ ඇති බවයි එරට බලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර පසුගියාදා සිදුවූ ව්‍යසනයෙන් පුද්ගලයින් 1,300 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තවත් දහස් ගණනක් අතුරුදහන් වී ඇති බව නේපාල වාර්‍තා පෙන්වා දෙනවා. .
Google AdSense
In-Article Ad

