FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

වැඩේ මාට්ටු.. අත්අඩංගුවට ගන්න කලින් ශිරන්ති රටින් පිටවෙයි!

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අද (16) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇත. ශිරන්ති රාජපක්ෂ සමග රෝහිත රාජපක්ෂගේ නැන්දණිය වූ ඈන් ද ලිවේරාද අද (16) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇත. ශිරන්ති රාජපක්ෂට ලබන (24) වැනි දින පොලිස් මූල්‍ය අපරාධ විමර්‍ශන කොට්ඨාශය (FCID) හමුවේ පෙනී සිටින ලෙස පොලීසියෙන් දැනුම්දීමක් සිදුකර ඇත. FCIDයේ එම දැනුම්දීම දැන දැනම ඔවුන් අද දින අලුයම 01.10ට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්- 469 දරන ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇත. ශිරන්ති රාජපක්ෂට පවතින අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ගැනීම සඳහා සිංගප්පූරුව බලා පිටත්ව ගිය බව සඳහන් කරයි.

Google AdSense

In-Article Ad