
අනුරාධපුරේදි කියන දේ පොලොන්නරුවෙදි මතක නෑ.. ජනාධිපති ඇස් බැදගෙන තමයි ඉන්නෙ...
FM Heart · 3 min read
Google AdSense
After Featured Image
තමන් ඇස් බැඳගෙන සිටින බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා කළ ප්‍රකාශය සත්‍යයක් බවත්, ඔහු සැබවින්ම ඇස් බැඳගෙන සිටින බව රට පාලනය කරන ආකාරයෙන් සහ රට තුළ සිදුවන විනාශයෙන් මනාව තහවුරු වන බවත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි. නඩු කටයුත්තක් සඳහා සහභාගී වීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය වෙත පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. පසුගියදා පැවැති තම පක්ෂයේ ජන රැලියේ සාර්‍ථකත්වය පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් හෙතෙම, එම රැලියේ සාර්‍ථකත්වය කෙතෙක්ද යන්න සැමටම පැහැදිලිව දැකගත හැකි වූ බැවින් ඒ පිළිබඳව අමුතුවෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍යතාවක් නැතැයි කියා සිටියේය. ජනාධිපතිවරයා සිදු කළ ‘ඇස් බැඳගෙන සිටීමේ’ ප්‍රකාශය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා මෙසේද පැවසීය. "ජනාධිපතිවරයාට කිසි දෙයක් පේන්නේ නෑ. ඇස් බැඳගෙන තමයි ඉන්නේ. රට පාලනය කරන විදිහෙන්ම ඒ බව පේනවා. එතුමාම ඒ බව ප්‍රකාශ කිරීම හොඳයි. එතුමාට ඇස් පේන්නේ නෑ වගේම කනුත් ඇහෙන්නේ නෑ කියලා රටේ මිනිස්සු දැන් දන්නවා. එතුමා කරන වැඩවලින් රටට වෙන විනාශය දෙස බැලුවාම ඒක හොඳටම පැහැදිලියි. එතුමාට දැන් පොළොන්නරුවේදී කියපු දේ අනුරාධපුරයට යද්දී මතක නෑ. අනුරාධපුරයේදී කියන දේ පොළොන්නරුවේදී මතක නෑ. දැන් දැන් මේ පාලනයේ සැබෑ ස්වභාවය ජනතාව ඉදිරියේ නිරාවරණය වෙමින් තිබෙනවා." Former Minister Johnston Fernando Critiques President's Governance Style Former minister Johnston Fernando has asserted that President Anura Kumara Dissanayake's recent admission of being "blindfolded" is indeed accurate. He emphasized that this statement is evident from the way the country is being governed and the destruction occurring within the nation. Fernando made these remarks while attending a proceeding at the Colombo Permanent High Court, where he addressed media inquiries about his party's recent public rally. He noted that the success of the rally was clear for all to see, negating the need for further questions regarding its impact. Elaborating on the President's comments about being "blindfolded," Fernando further stated, "The President seems oblivious to everything. His governance is a clear reflection of this. It's commendable that he acknowledges this oversight. The people of the country have realized that not only can he not see, but he also cannot hear. A careful look at the devastation wrought by his actions clearly reveals this truth. The remarks he made in Polonnaruwa seem forgotten when he visits Anuradhapura, and vice versa. The true nature of this administration is becoming increasingly transparent to the people." *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
Google AdSense
In-Article Ad

