FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ජම්පර් නියම වූ පසු අතුරුදන් කියු ඥණසාර හිමි අද උසාවියේ.. හැංගුනේ නෑලු..

FM Heart · 3 min read

Google AdSense

After Featured Image

ඉස්ලාම් දහමට අපහාස වන අන්දමේ ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ නඩුවකට අදාළව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (18) කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටියහ. කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබූ අතර, නඩුව නැවත ලබන සැප්තැම්බර් මස 30 වනදා කැඳවීමට විනිසුරුවරයා නියෝග කළේය. අධිකරණයට අපහාස කිරීමේ වරදට නියම වූ වසර හයක සිරදඬුවමින් මාස නවයක් පමණ ගෙවා දමමින් සිටියදී, 2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඥානසාර හිමියන්ට ලබා දී තිබූ විශේෂ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බලරහිත කිරීමෙන් දින කිහිපයකට පසුව උන්වහන්සේ මෙලෙස අධිකරණයට පැමිණීම කැපීපෙනෙන සිදුවීමකි. මේ අතර, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්වීමෙන් පසු බන්ධනාගාර නිලධාරීන් පිරිසක් රාජගිරිය, නාවල පාරේ පිහිටි ඥානසාර හිමියන් වැඩවසන විහාරස්ථානය වෙත ගියද, උන්වහන්සේ වැඩසිටින ස්ථානයක් පිළිබඳව තොරතුරක් නොමැති බව එහි සිටි පිරිස් දැන්වූ බව වාර්‍තා කර විය. කෙසේවෙතත්, ඥානසාර හිමියන්ගේ පාර්‍ශවය එම වාර්‍තා ප්‍රතික්ෂේප කර ඇති අතර, එවැනි කිසිදු නිලධාරියෙකු විහාරස්ථානයට නොපැමිණි බවත් උන්වහන්සේ සැඟව සිටින බවට පළවන තොරතුරු අසත්‍ය බවත් අවධාරණය කර ඇත. ජනාධිපති සමාව අවලංගු කිරීමේ තීන්දුව සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්‍ග ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ සම්පූර්‍ණ නඩු තීන්දුව ලැබෙන තෙක් බලාපොරොත්තුවෙන් සිටින බව පොලිසිය වෙනම ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබේ. Legal Proceedings Against Buddhist Monk for Insulting Islam Resumes in Colombo In a significant development regarding a case filed by the Attorney General concerning statements deemed disrespectful to Islam, the General Secretary of the Buddhist Power Force, Venerable Galagodaaththe Gnanasara Thera, appeared in Colombo High Court today, October 18. The hearing was presided over by Colombo High Court Judge Buddika C. Ragala, who has scheduled the next court proceedings for September 30. Notably, this appearance follows an eventful backdrop: Gnanasara Thera had been serving a six-year prison sentence for contempt of court, but was granted a special presidential pardon by former President Maithripala Sirisena in 2019. However, the Supreme Court recently invalidated that pardon, prompting his return to court. Following the Supreme Court's ruling, several prison officials reportedly visited the temple where Gnanasara Thera is believed to work, situated on Nawala Road in Rajagiriya. However, it has been conveyed that there were no updates regarding his whereabouts. In response to these reports, representatives for Gnanasara Thera have firmly rejected the claims, stressing that no officials visited the temple and dismissing rumors of his concealment as unfounded. Meanwhile, the Police have indicated that they are awaiting a complete ruling from the Supreme Court regarding the cancellation of the presidential pardon before deciding on any further actions. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Google AdSense

In-Article Ad