
ගන්න කෙනෙක් නෑ.. වාහන අලෙවිය බහී.. මිලත් දැනෙන්නම අඩුවේ..
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා සඳහන් කරන්නේ, වෙළෙඳපොළේ පවතින මෙම ප්‍රවණතාව හමුවේ ගැනුම්කරුවන්ට අඩු මිලකට වාහන මිලදී ගැනීමට ඉතා වාසිදායක පසුබිමක් නිර්‍මාණය වී ඇති බවයි. සීමා ඉවත් කිරීමෙන් පසු මෙරට අවශ්‍යතාව වූයේ ඉතා සුළු වාහන ප්‍රමාණයක් වුවද, සීමාව ඉක්මවා විශාල වශයෙන් වාහන ආනයනය කිරීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ අතිරික්තයක් නිර්‍මාණය වී තිබේ. මීට පෙර පැවති අධික මිල ගණන් සහ මෙම අතිරික්තය හේතුවෙන් වාහන අලෙවිය සීඝ්‍රයෙන් පහත වැටී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ ආනයනකරුවන්ට සිය වාහන පාඩු පිට අලෙවි කිරීමට සිදුව ඇති බව ද හෙතෙම පෙන්වා දෙයි. මේ වන විට දේශීය වෙළෙඳපොළේ ජනප්‍රිය වාහන මාදිලි වන යාරිස් (Yaris), වෙසල් (Vezel), රේස් (Raize), වැගන් ආර් (Wagon R), ඩයිහට්සු මීරා (Daihatsu Mira) සහ සුසුකි (Suzuki) වැනි සෑම වාහනයකම පාහේ මිල රුපියල් ලක්ෂ තුනත් හතරත් අතර මුදලකින් පහත වැටී ඇත. එසේම ඇතැම් වාහනවල මිල රුපියල් ලක්ෂ 10කින් පමණ අඩු වී ඇති අතර, ඉදිරි කාලසීමාවේදී මෙම මිල ගණන් තවදුරටත් පහළ බසිනු ඇතැයි අපේක්ෂා කරන බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මේ අතර, 2026 අගෝස්තු මාසයේදී මෙරට සමස්ත වාහන ලියාපදිංචිය ඊට පෙර මාසයට සාපේක්ෂව සියයට 13.8කින් පහත වැටී ඒකක 45,569ක් දක්වා අඩු වී තිබේ. මෙම පහත වැටීම වාර්‍තා වන්නේ 2025 නොවැම්බර් මාසයෙන් පසුව මෙරටින් වාර්‍තා වූ අඩුම මාසික වාහන ලියාපදිංචිය ලෙසිනි.
Google AdSense
In-Article Ad

