FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

තෙල් බෙදිල්ලෙන් බවුසර ඉවත් වෙති..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

ලංකා ඉන්ධන ප්‍රවාහන සංගමය සහ සමස්ත ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ නියෝජිතයන් පිරිසක්, පවතින ගැටලුවලට විසඳුම් ඉල්ලා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා හමුවීම සඳහා කොළඹ පිහිටි ප්‍රධාන කාර්‍යාලයට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත මේ බව ප්‍රකාශ කර තිබේ. එහිදී අදහස් දැක්වූ ලංකා ඉන්ධන ප්‍රවාහන සංගමයේ උප සභාපති සඳහන් කළේ, ප්‍රවාහන ගාස්තු සංශෝධනය කර සාධාරණ මුදලක් ලබාදෙන ලෙස ඉල්ලා වසරක පමණ කාලයක සිට බලධාරීන් ලිඛිතව දැනුවත් කළ ද මෙතෙක් ස්ථිර විසඳුමක් ලැබී නොමැති බවයි. වර්‍තමානය වන විට ත්‍රිරෝද රථයකින් ලබන ආදායම පවා ඉන්ධන බවුසරයකින් උපයා ගැනීමට නොහැකි මට්ටමට තත්ත්වය බරපතළ වී ඇති බවත්, ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් ඇති පසුබිමක එළැඹෙන සිකුරාදා සභාපතිවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවේදී විසඳුමක් නොලැබුණහොත් ඉදිරි ක්‍රියාමාර්‍ග ගන්නා බවත් හෙතෙම අවධාරණය කළේය. මේ අතර අදහස් දැක්වූ සමස්ත ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ ලේකම් ඩී.වී. ශාන්ත සිල්වා මහතා පෙන්වා දුන්නේ, ඉන්ධන ප්‍රවාහන මිල සූත්‍රය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් අවස්ථා පහ හයකදීම සාකච්ඡා කළ ද ප්‍රතිඵලයක් නොලද බවයි. සිකුරාදා සාකච්ඡාවෙන් සාධාරණ තීන්දුවක් නොලැබුණහොත්, ඉන්ධන පිරවුම්හල් හිමියන් සහ ටැංකි රථ හිමියන් සියලු දෙනා එක්ව ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලින් වහාම ඉවත් වන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Google AdSense

In-Article Ad