
අල්ලස් කොමිසම හිටපු මුදල් ලේකම් පී බී ගේ නිකවැරටියේ නිවසට පනී – එයාර් බස් ගණුදෙනුව ගැන පැය 4ක් ප්රශ්න කරයි
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
එයාර්බස් ගනුදෙනු චෝදනාවලට අදාළව සිදුකරනු ලබන විමර්ශන සදහා හිටපු මුදල් ලේකම් පී.බී. ජයසුන්දර මහතාගෙන් ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ප්රකාශ සටහන් කර ගෙන තිබෙනවා. සිය නිලධාරීන් කණ්ඩායමක් පී බී ජයසුන්දර මහතාගේ නිකවැරටිය ප්රදේශයේ පිහිටි නිවසට ගොස් එලෙස ප්රකාශ සටහන් කරගත් බවයි අල්ලස් කොමිසම පැවසුවේ. ඒ අනුව හිටපු මුදල් ලේකම්වරයාගෙන් පැය 4කට ආසන්න කාලයක් ප්රකාශ සටහන් කර ගෙන තිබෙනවා. එයාර්බස් ගනුදෙනු චෝදනාවලට අදාළව සිදුකරනු ලබන විමර්ශන සදහා මීට පෙර තවත් කිහිප දෙනෙකුගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ප්රකාශ සටහන් කර ගත්තා. .
Google AdSense
In-Article Ad

