
කෙහෙලියගේ පුතුගේ නිවසට හොරු පනී.. දෙස් විදෙස් මුදල් තොගයක් අතුරුදන්...
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
අදාළ පැමිණිල්ලට අනුව, කොළඹ නාරාහේන්පිට පිහිටි නිවාස සංකීර්ණයක පිහිටි නිවසකින් ඇමෙරිකානු ඩොලර් 4,275ක්, රුපියල් ලක්ෂ 14ක මුදලක් සහ නිවසේ තිබූ විවිධ ගෘහ උපකරණ මෙලෙස සොරාගෙන ගොස් ඇත. මෙම සොරකම පසුගිය අගෝස්තු මස 08 වැනිදාත් සැප්තැම්බර් මස 30 වැනිදාත් අතර කාලසීමාව තුළ සිදුව ඇති බවට පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර තිබේ. කෙසේ වෙතත්, රමිත් රඹුක්වැල්ල මහතාගේ පැමිණිල්ල මත සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ නිවස ඔහුගේ බිරිඳගේ පියාට අයත් එකක් බවයි. එමෙන්ම ඔහුගේ උපදෙස් පරිදි රමිත් රඹුක්වැල්ල මහතාට අයත් භාණ්ඩ හා දේපළ නුගේගොඩ ප්රදේශයේ පිහිටි ගබඩා සංකීර්ණයකට යොමු කර ඇති බව ද පොලිස් පරීක්ෂණවලදී හෙළිව ඇතැයි පොලිසිය පවසයි. විදේශගතව සිටින රමිත් රඹුක්වැල්ල මහතාගේ බිරිඳගේ පියා ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් විද්යුත් තැපෑල ඔස්සේ පොලිසිය වෙත පැමිණිල්ලක් යොමු කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත අතර වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
Google AdSense
In-Article Ad

